ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 28 වැනිදා දක්වා රක්ෂිත ගත කිරීමට නියෝග කළේය.
පොලිසියට ලද පැමිණිල්ලක් මත පසුගිය 24 දින රාත්‍රී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේය.
සිද්ධියට මුහුණදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය අදාළ සිදුවීම තම පෙම්වතාට දැනුම්දීමෙන් පසු ඔහු පොලිස් අභ්‍යාස විද්‍යාලටත්, උසස් පොලිස් නිලධාරීන්ටත් එය දැනුම් දී ඇති බව අනාවරණය වේ. අදාළ ආධුනික පොලිස් කොස්තාපල්වරියද මේ පිළිබඳ ගන්දර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.
පසුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිසියට පරීක්ෂණ භාරදී ඇති අතර මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සිදුවීමට මුහුණදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කිරීමට නියමිතව තිබූ අතර ඇය වෙනත් පොලිස් ස්ථානයකට අනුයුක්තර කිරීමට පියවර ගෙන තිබිණි.
$ads={2}