ඉන්දියාවෙන් පළමු ඔමික්‍රොන් වෛරස ආසාදිතයින් දෙදෙනකු අද (02) දිනයේදී වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ, කර්නාටක ප්‍රාන්තයෙහි පුද්ගලයින් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.
වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු 66 හැවිරිදි වියෙහි පසුවන අතර, අනෙකා 46 හැවිරිදි වියෙහි පසුවන්නකු වන අතර, මේ වනවිට ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් සොයා එරට සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 49% ක් පමණ මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, මෙලෙස ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින් එරටින් සොයා ගනු ලැබුවේ පළමු වතාවටයි.
මේ වනවිට රටවල් 29ක ඔමික්‍රොන් වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, එය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 373ක්.
$ads={2}
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 30 වැනිදා ප්‍රකාශ කළේ COVID-19ට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකළ, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, මෙම රෝගයට ගොදුරු විය හැකි පුද්ගලයින් ද ප්‍රජා සම්ප්‍රේෂණය සහිත ප්‍රදේශවලට යාම කල් දැමිය යුතු බවයි.
ඔමික්‍රොන්ගෙන් බේරෙන්න රට වසා දමයි ද ?
ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරසයේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන ඔමික්‍රොන් වෛරසයෙන් ගැලවීම සඳහා රට වසා දැමීම පිළියමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. මුණසිංහ ප්‍රකාශ කරනවා.
සෞඛ්‍ය ලේකම්වරයා මේ අදහස් දැක්වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් (02) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ, මෙම වෛරසයේ බරපතළභාවය අවබෝධ කරගෙන පොදු ජනතාව වඩාත් වැඩි වගකීමකින් හැසිරිය යුතු බවයි.
විශේෂයෙන්ම එළඹෙන උත්සව සමයේදී මේ තත්ත්වය හොඳින් සිහි තබාගෙන කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.