සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය වී ඇති බවට වාර්තා තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා සඳහන් කරයි.
ඉන් එක දැරියක් දූෂණය කර ගිනි තබා මරා දැමූ බවද ඔහු පැවසීය.
විපක්ෂයේ සිටින කිසිදු කාන්තා මන්ත්‍රීවරියක් මේ සම්බන්ධයෙන් එදා කිසිම හඬක් නොනැගූ බවද පැවසූ ඔහු අද ව්‍යාජ කාන්තා විමුක්තියක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.
$ads={2}