මත්තල පොලිස් බල ප්රදේශයට අයත් වැවේගම වැව ආසන්න කැලයේ ගංජා හේනක් ඇති බවට මත්තල පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත.
අක්කර භාගයක පමණ කොටසක ගංජා වගා කර තිබූ 46 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් කළ ප්රශ්න කිරීමේදී ලද තොරතුරකට අනුව ඒ ආසන්නයේම තිබී තවත් අක්කර කාලක පමණ ගංජා හේනක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීමේදී සැකකරුවන් පැවසුවේ වගා කිරීමට පොහොර නැති නිසා ගංජා හේනක් සකස් කළ බවයි. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
$ads={2}
අත්අඩංගුවට පත් ගංජා අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල ලබා ගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරන ලදි.