රටපුරා හදිසි විදුලි බිඳ වැටීමක්


දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

$ads={2}

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක විදුලි බලය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට ම පෙර කොත්මලේ සිට බියගම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන රැහැන් පද්ධතියේ බිඳවැටීමක් සිදු වූ අතර, විදුලි බලමණ්ඩලය පවසා සිටියේ, ඒ හේතුවෙන් මෙගා වොට් 500ක පමණ ධාරිතාවක් ජාතික පද්ධතියෙන් ඉවත් වූ බවයි.

මේ අතර, මේ වනවිට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වනවා.
Post a Comment (0)
Previous Post Next Post