බාලවයස්කාර දැරිය අඹුකමට ගත් පියා අත්අඩංගුවට


වසර 06කට පෙර සිය බාල වයස්කාර දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකුට වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකළ හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල, රුපියල් 75,000ක දඩ මුදලක් හා අගතියට පත් චූදිතගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් ඊයේ (16 වැනිදා) වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස සිර දඬුවම්, වන්දි හා දඩ නියම වූයේ කතරගම ගෝතමීගම පදිංචි පානදුර ලෝකුරුගේ විරාජ් හේමන්ත නමැති 42 හැවිරිදි දෙදරු පියෙකුටය.

චුදිතගේ බිරිඳ මෙම සිදුවීමට වසර කිහිපයකට පෙර පවුල් ආරවුලක් හේතුවෙන් චුදිතගෙන් වෙන්ව අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙනත් පුරුෂයෙකු හා ජීවත් වී තිබේ.

චුදිත හා දරුවන් දෙදෙනා පමණක් නිවසේ ජීවත්ව සිටියදී පියා සිය බාලවයස්කාර දැරිය මෙලෙස බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

සිය බාල වයස්කාර දැරිය අවස්ථා ගණනාවකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර පසුව පියාගේ හිරිහැරය ඉවසාගත නොහැකිව සිද්ධිය පිළිබඳව බාලවයස්කාර දැරිය පාසලේ ගුරුවරියට දැනුම් දී තිබේ. ගුරුවරිය ඒ පිළිබඳව දැරියගේ වැඩිමල් සහෝදරයාට හා ආච්චි අම්මාට දැනුම් දීමෙන් පසු ඔවුන් විසින් සිද්ධිය කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිද්ධියට අදාළව කතරගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

චුදිතට එක් අධි චෝදනාවක් සඳහා වසර 20 බැගින් අධි චෝදනා 03 සඳහා වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය වසර 20 ක කාලයක් තුළ සමගාමීව ගෙවී යායුතු බවටද නියෝග කෙරුණි. මීට අමතරව එක් අධිචෝදනාවක් සඳහා රුපියල් 25000 බැගින් අධි චෝදනා 03 සඳහා රුපියල් 75000ක දඩ මුදලක්ද නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් ඉහත දඬුවම් කාලයට අමතරව තවත් මාස 18ක සිර දඬුවමක්ද නියම කෙරුණි. ඊට අමතරව අගතියට පත් වූ චූදිතගේ බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක්ද නියම කෙරුණි.

$ads={2}

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගෙවිඳු සෙනෙවිරත්න පැමිණිල්ල මෙහෙය වූ අතර කතරගම පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් (86414) දේශප්‍රිය පෙනී සිටියේය.

Post a Comment (0)
Previous Post Next Post