ශ්රී දළදා මාලිගාවට ඇතුළු වීමට ගිය කාන්තාවකගේ ගමන් බෑගයේ ටී -56 ජීව උණ්ඩයක් තිබීම හේතුවෙන් දළදා මාලිගාව පොලිසිය මගින් ඇය සැකපිට ඊයේ (16 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
දළදා මාලිගාවට ප්රවේශ වන මාර්ගයේ සවිකර ඇති ආරක්ෂක සංඥා පද්ධති ක්රියාත්මක වීම නිසා පොලිසිය අදාළ කාන්තාව පරීක්ෂාවට ලක් කර ඇති අතර ජීව උණ්ඩය සොයා ගැනීමට හැකි වී ඇත්තේ එම අවස්ථාවේදීය.
මෙම කාන්තාවගේ සැමියා හිටපු පොලිස් නිලධාරියකු වන බවත් ඔහු මෙයට වසර 05 කට පමණ ඉහතදී මියගොස් තිබෙන බවත් පොලිසිය පවසයි.
වත්තේගම ප්රදේශයේ පදිංචිව සිට ඇති මෙම කාන්තාව සැමියාගේ මරණයෙන් පසු ගාල්ල ප්රදේශයේ පදිංචියට ගොස් තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.
දළදා මාලිගාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර පොලිස් මූලස්ථානයට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
$ads={2}
-කමල් සුරවීර - මහනුවර