චීනෙන් එන අලුත් පොහොරට සත පහක් ගෙවන්න ඕනි නෑ


චීන පොහොර සිද්ධියෙන් සත පහක පාඩුවක් සිදුවී නැතැයිද ප්‍රතික්ෂේපිත පොහොර තොගය වෙනුවට චීන සමාගම යළි එවන කාබනික පොහොර තොගය සඳහා මුදල් ගෙවීමක් සිදු නොවන බවද කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

අදාළ නැව්ගත කිරීමේ ක්‍රියාවලි සහ ටෙන්ඩර් ක්‍රියාවලියට අනුව පොහොර තොගය ප්‍රමිතියෙන් තොරනම් අලුත් පොහොර තොගයක් එවිය යුතුය.

කාබනික පොහොර ආනයනය කිරීමේ ටෙන්ඩර් පටිපාටියට අනුව චීන සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන පහක ඇපකරයක් තබා ඇත. අදාළ සමාගම ඇමරිකානු ඩොලර් මිලියන නවයක පොහොර තොගයක් එවූ බවත් ටෙන්ඩර් කොන්දේසියට අනුව නැව මෙරටට පැමිණි පසු පොහොර තොගයේ වටිනාකමින් සියයට 75 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවියයුතු බවත් ඇමැතිවරයා පැවසීය.

එලෙස එවූ පොහොර තොගය ප්‍රතික්ෂේප වීම නිසා ඒ වෙනුවට අලුතින් නිෂ්පාදනය කරන ලද පොහොර වලින් සාම්පල නැවත මෙරටට එවීමට සමාගම පොරොන්දු වී තිබේ.ශාක නිරෝධායන සේවයේ කොන්දේසි වලට අනුව එම සාම්පල පරීක්ෂාවට ලක්කරන බව ද කෘෂිකර්ම ඇමැතිවරයා කියයි.

අදාළ මුදල් ගෙවීම නීතිපතිවරයාගේ උපදෙස් මත ණයවර ලිපියට අනුව වන ගනුදෙනුවක් බව ද ඔහු පවසයි.

$ads={2}

චීන පොහොර තොගයට අදාළ ගනුදෙනුව සම්බන්ධව මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රිතුමාට නොතේරීම පිළිබඳව තමා කනගාටුව පළ කරන බව ද ඔහු එයාර් බස් සමාගමේ ගිවිසුම අවලංගු කර එම සමාගමට ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 110 ක වන්දිය මෙන් පොහොර වලට මුදල් ගෙවීම වන්දියක් නොව ගනුදෙනුවක් බව ද ඇමැතිවරයා පැවසීය.

Post a Comment (0)
Previous Post Next Post