අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 17 වන සිකුරාදා

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරි බහුල වෙයි. අවිවේකී දිනකි. අතපසුවීම්වලට හේතුයි. පී‍්‍රති සාද, උත්සව වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ලාභ මතු කරයි. සිරසගත රෝග මතු කරයි.

වෘෂභ

ගමන් බිමන් බහුල වන අතර ප‍්‍රවේශමෙන් කි‍්‍රයා කළ යුතු දිනකි. යටපත්ව තිබූ සතුරු බලපැමක් මතුවීමෙන් චංචල මනසකට හේතුයි. විදෙස් ගමන් සඳහා අවශ්‍ය කි‍්‍රයාවන් යෙදේ. සෙම් කෝප රෝග ද මතු වේ.

මිථුන

තරමක් අවිවේකී දිනකි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. තම නිවස තරමක උත්සවශ්‍රියාවක් ඇති කරයි. මිල මුදල් වැය වේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. මුත‍්‍රා ආසාදන රෝග මතු කරයි.

කටක

ප‍්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදෙන අතර මහජන ප‍්‍රසාදයට පත්වන දිනකි. කලක් සිතට වද දුන් ප‍්‍රශ්න නිරාකරණය වෙයි. විදෙස් ගමන් සඳහා යොමු වන දිනකි. බඩවැල් ආශි‍්‍රත රෝග මතු කරයි.

$ads={2}

සිංහ

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දුරගමන්, විනෝද ගමන් වැනි දේට ද හේතුයි. රැකියා ලාභ ලබයි. වාතාධික රෝග සෑදීමට ඉඩ තිබේ.

කන්‍යා

ශුභවාදී ඵල ගෙන දෙයි. තමන් පසුපස හඹා පැමිණි සතුරු බලපෑම් ඉවත් වෙයි. ප‍්‍රබෝධමත්ව රාජකාරිවල යෙදෙන අතර නව නිපැයුම් ආරම්භ කරයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. සිරසගත රෝගවලට හේතුයි.

තුලා


ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. දුරගමන් යෙදේ. ව්‍යාපාරවල ඇදවැටීමකට හේතුයි. සතුරු බලපෑම් මත කලකිරීම් ඇති කරයි. වාද විවාද වැනි දේවලට එතරම් ශුභවාදී නොවේ. සෙම් ආසාදන රෝගය දෙයි.

වෘශ්චික

ශුභවාදී ඵල මතු කරයි. නව ව්‍යාපාර නිර්මාණ ඇරඹීමට ශුභයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. තරමක් වැයපස ද ඉහළ යයි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග සාදයි.

ධනු

ශුභවාදී ඵල මතු කරයි. දුරගමන් යෙදේ. වියපැහැදම් අධික දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. හදිසි ලාභ මතු කරයි. සිරසගත රෝග අක්ෂි රෝග මතු වේ.

මකර

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. නවක මිතුදම් ඇති වෙයි. රහස් සබඳතා මතු වෙයි. මිල මුදල් අනවශ්‍ය ලෙස හානි වෙයි. සිත් චංචල කරවන ප‍්‍රශන මතු කරයි. ණයතුරුස් වීමට හේතුයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු වේ.

කුම්භ

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ප‍්‍රබෝධමත්ව දවස ගත කරයි. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. හදිසි ධන වාසනා ලබයි. සන්ධි ප‍්‍රදාහ රෝග සාදයි.

මීන

දුරගමන් යෙදෙන දිනකි. සතුරු බලපෑම් එලල් වේ. රැකියාවන්හි සුහදව යෙදේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ගෙනේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. හදිසි ලාභ මතු වේ. සෙම් රෝග ද මතු වෙයි.

Post a Comment (0)
Previous Post Next Post