නිවසින් අතුරුදන් සිසුවියගේ සිරුර කොබෝවත්ත වැවේ


දින 3ක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ මළ සිරුර බදුල්ල තෙල්බැද්ද කොබෝවත්ත වැවේ පාවෙමින් තිබියදී ඊයේ (21 වැනිදා) උදෑසන සොයාගත් බව කහටරුප්ප පොලිසිය පැවසීය. බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ 13 වසරේ මෙවර උසස් පෙළ සඳහා සූදානම් වෙමින් සිටි ලෝගස්වරන් ලෝචනා නමැති මෙම සිසුවිය පසුගිය 19 වැනිදා සවස් කාලයේ සිට නිවසින් අතුරුදන්ව සිටි බව දෙමවුපියන් කහටරුප්ප පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

සෝදිසි කිරීමේදී ඇයගේ පාසල් පොත් කිහිපයක් කොබෝවත්ත වැව් ඉස්මත්තේ තිබියදී හමුවීමත් සමඟ ඒ පිළිබඳව සොයා බැලූවත් ඇය ගැන තොරතුරක් හමුවී නැත.

$ads={2}

ඊයේ (21 වැනිදා) උදෑසන වැවේ ජලාශය මත පාවෙමින් තිබූ මළ සිරුර පොලිසියට හමුවී තිබේ’. මියගිය සිසුවිය තෙල්බැද්දවත්ත” කොබෝවත්ත පහළ කොටසේ පදංචිව සිටි තැනැත්තියකි. ඇය දක්ෂ සිසුවියක් බැව් දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය පැවසුවාය.

සිසුවිය වැවට පැන්නාද වෙනත් අනතුරක් සිදුවිද යන්න මෙතෙක් අනාවරණය වී නැත. කහටරුප්ප පොලිසිය පරීක්ෂණ පවත්වයි.

-ජයලත් දිසානායක - බදුල්ල

Post a Comment (0)
Previous Post Next Post