සහල් මිල පමණක් නොව එළවළු මිලටද අද වෙද්දී පාලනයක් නොමැති බවත්, කොවිඩ් තත්ත්වයත් සමග ඇතැම් ව්‍යාපාරිකයන් මාෆියාවක් නිර්මාණය කර ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයෙන් දිනකට එළවළු කිලෝග්‍රෑම් එක් ලක්ෂ පනස් දහසක් සැපයීමට හැකියාව පැවතියත් කොළඹින් මිලදී ගත්තේ කිලෝග්‍රෑම් පනස් දහසක් පමණක් බවද ඇමැතිවරයා කීවේය. පසුගිය කාලයට සාපේක්ෂව එළවළු මිල ගණන් රුපියල් දෙසිය ගණනකට අඩුවී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි. සෑම වසරකම නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී එළවළු හිඟයක් පවතින බවත්, සාමාන්‍යයෙන් මේ කාලයේදී එළවළු මිල ඉහළ අගයක් ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.
පළිබෝධනාශක සහ රසායනික පොහොර ආනයනය සඳහා අවසරය ලබාදී තිබෙන බැවින් ආණ්ඩුවේ වරදින් එළවළු මිල ඉහළ ගියායැයි කිසිවකුට කිව නොහැකි බවද ඔහු කීවේය.
$ads={2}
රුපියල් 60ට 70ට ගොවියාගෙන් මිලදී ගත් වී කිලෝව, සහල් බවට පත්කර වී මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලට අලෙවි කරන බවද ඇමැතිවරයා කියයි.