මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ටෙන්පල් ජනපදයේ පදිංචි උඩුදෙනිය වෙදරාලලාගේ ගෙදර නිපුනි නුවන්තිකා බණ්ඩාර නමැති දැරියකි.
ඇය ගම්පොළ ශාන්ත ජෝශප් විද්‍යාලයේ නවය ශ්‍රේණියේ සිසුවියකි. ගැහැනු දරුවන් සිවු දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නීය.
පසුගියදා මෙම දැරියගේ බාප්පා (පියාගේ මල්ලි) පැමිණ ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පිහිටි තම නිවෙසට දැරිය රැගෙන ගොස් ඇත. තමා කොළඹ ප්‍රදේශයේ රාජකාරියකට යන බැවින් තම දියණිය හා මව බලා ගැනීමට යැයි පවසා මෙසේ දැරිය රැගෙන ගොස් ඇත්තේ පසුගිය 13 වැනිදාය.
බාප්පාගේ නිවසේ සිට පසුගිය බදාදා ( 15 වැනිදා) දක්වාම දැරිය පාසල් ද පැමිණ ඇති අතර එහෙත් පසුගිය දින දෙකක් පාසල් පැමිණ නැති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මේ අතර 19 වැනිදා ඇය නැවතත් ගම්පොළ නිවසට රැගෙන විත් ඇති අතර එහි දී ඇය කිහිප වරක් වමනය දමමින් දොඩවමින් සිට ඇතැයි අනාවරණය වේ. ඇය ඥාතීන්ට පවසා ඇත්තේ බාප්පා පහරදුන් බවය. ඇයට දින දෙකක් පුරා ආහාර නොලැබුණු බව ද වසා ඇත.
$ads={2}
ඒ අතර 21 වැනිදින අලුයම 2ට පමණ ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වෙමින් තිබිය දී පියා ද මෙම දැරියට පහර දී නිවසින් එළියට දමා ඇත්තේ තමාට නිදා ගැනීමට ද නොමැති බව පවසමිනි. එහි දී පියා දැරියගේ මවට ද පහර දී ඇතැයි පොලිසිය පවසයි.
21 වැනි දින උදෑසන 8 ට පමණ දැරිය අසල ඥාති නිවසකට රැගෙන ගිය පසු ඔවුන් ඇය රෝහල් ගත කිරීමට උත්සාහ කළ ද දැරියගේ පියා ඊට ඉඩ දී නැත. එබැවින් දැරිය වේදනා විඳිමින් සිට දහවල් 2 ට පමණ ඇඳ මතම අවසන් හුස්ම හෙළා තිබේ.
ගම්පොළ පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු ගම්පොළ මහෙස්ත්‍රාත් සහ දිසාවිනිසුරු ශ්රිනිත් විජේසේකර එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය.
එහිදී මහෙස්ත්‍රාත්වරයා පවසා සිටියේ පැය කිහිපයකට පෙර දැරිය රෝහල් ගත කළා නම් ජීවිතය බේරා ගැනීමට තිබූ බවයි. සැකකාර පියා හා බාප්පා අත්අඩංගුවට ගන්නා ලෙස ද පොලිසියට නියෝග කර ඇත.
ඒ අනුව සැකකාර 46 හැවිරිදි පියා හා 42 හැවිරිදි බාප්පා අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22වැනිදා) සිදුකිරීමට නියමිතව තිබිණි.
ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු ,අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙහි පරීක්ෂණ පවත්වති.