මව්පියන් අතර පවතින අඩ දබර, අවුල් වියවුල් නිසා මානසික පීඩනයට පත්ව සිටින දූදරුවන් සිත හදා ගන්නට කුමන හෝ දෙයක් කිරීමට පෙළඹීම සාමානය. ඒ අතරේ අන්තර්ජාලය ඔස්සේ අසැබි දේ නැරැඹීමට වන ඇබ්බැහිය නිසා නොමගට යොමුවීම සිදුවන හානිය කියා නිම කළ නොහැකිය. මව්පිය ආදරය රැකවරණය නොමැතිව සමාජයේ අතරමංවන මෙවැනි ඇතැම් දරුවන් අන්තර්ජාලය හරහාකරන සමහර දේවල් නිසා සිදුවන්නේ කිසිවකු කිසිම මොහොතක නොසිතන භයානක දේය. කුලියාපිටිය මහේස්ත්රාත්යධිකරණයේ පසුගිය විභාග වන ඩුවකදී එවැනි සිදුවීමක් අසන්නට ලැබුණේ කාගේත් සිත් මවිතයට පත් කරවමිනි.
$ads={2}
ඔහු 14 හැවිරිදි සිසුවෙකි. පදිංචිය කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් කඳානේ ගෙදර පොලිස් වසමේය. එම ප්‍රදේශයේ විදුහලක නවය වසරේ ඉගෙනුම ලැබූ මේ සිසුවාට තවත් බාල සොයුරෙක් සිටියේය. ඔහුගේ වයස අවුරුදු11කි.. මව පියා සමග සිසුවා සහ මල්ලි කාලයක් ජීවත් වුයේ ඉතා සැහැල්ලුවෙන් සතුටිනි. මේ අතර සිසුවාගේ මව විදේශගත වූවාය.ඒ පවුලේ ආර්ථික තත්වය යහපත් කරගැනීමේ අරමුණෙනි. බිරියට රට ගිය අතරේ සිසුවාගේ පියා අනියම් ඇසුර පටන් ගත්තේ දරු දෙදෙනා බලා කියාගෙන නිවෙසට වී සිටින අතරේය, මේ ගැන රට සිටින බිරියගේ කණ වැකිණි. ඇය නැවත මෙරටට පැමිණි විටක මේ ගැන සැමියාගෙන් විමසද්දී දෙදෙනා අතර ආරෝවක් ඇතිවිය.
අම්මා තාත්තාත් අතර ඇති වූ මේ ආරෝවන් දරු දෙදෙනාට ලොකු පීඩනයක් ඇතිවන්නට ඇත. අඹුසැමි අවුල අවසන් වුයේ දෙදෙනා වෙන්ව ජීවත් වන්නට තීරණය කීරීමත් සමගය. මව සිය පුතුන්දෙදෙනා කැටිව තම වැඩිමල් සහෝදරයාගේ නිවසට එන්නේ ඉන් අනතුරුවය, මේ දරු දෙදෙනාට පිය සෙනෙහස අහිමී වන්නේ එතැන් සිටය, දරුවන් දෙදෙනාද කැටුව ඇය අයියාගේ නිවෙසට එන්නේ පසුගිය අගෝස්තු මාසයේය. දරු දෙදෙනා සමග ජීවත්වන්න ඇයට එම නිවෙසේ කාමරය ලැබිණි. ඒවනවිට එම නිවසේ සිටියේ වැඩිමල් සොයුරා,මේ අයියා නගෝගේ මව, අයියාගේ බිරිය. අවුරුදු 3යිමාස 10ක් වයසැති දියණිය, සහ මාස හයක් වයසැතිදරුවා පමණි. මේ අයිය මලෝ ලොකු මාමාගේ දියණිය එනම් නැගණිය සමග දිනපතාම පාහේ සෙල්ලම් කරන්නේ සවස් කාලයේය. මේ අතර 14 හැවිරිදි සිසුවා නොමගට යොමු කරන්නේ ඔහු ඉගෙනුම ලබන පාසලේම 11වසර පත්තිවල ලොකු අයියලාය.
සිසුවාගේ මව විදේශ ගතව සිටිකාලයේ එවන ලද මුදල්වලින් පියා ලොකු පුතාට ටැබ් පරිඝණකයක් මිලදීගෙනදී තිබිණි. විදුහලේ සමහර ලොකු අයියලා' ටැබ් පරිගණකයෙන් අන්තර්ජාලය පරිශීලනය කර අසැබි දසුන් නැරඹිය හැකි විධි ගැනීමේ සිසුවාට කීයාදී තිබුණ අතර සිසුවා එය හරියටම ග්‍රහණය කර ගන්නේය .දිනක් දෙකක් ඇතුලතදී ටැබ් පරිගණකයෙන් අසැබි දසුන් නරඹන අයුරු ඔහු ඉගෙන ගන්නේ ගුරුවරු කියාදෙන පාඩම්වලට වඩා වේගයෙනි. ලොකු අයියලාට පින්සිදු වන්නටය. ඛේදවාචකය පටන්ගන්නේ ඵතැන් සිටය. මේ අසැබි දර්ශනවල ඇති ජවනිකා සිසුවා අත්හද බලන්නේ තම ඥාති සහෝදරිය වව පස්හැවිරිද නැගණිය සමගය.
මාස තුන හතරක කාලයක් එකදිගට වූ මේ සිදුවීම කිසිවකු දැන සිටියේ නැත.ඒකාලය ඇතුලත 14 හැවිරිදි අයියා අතින් පස් හැවිරිදි නැගෙනිය බරපතල ලෙස අපයෝජනයව සිටියාය, මේ ගැන දැන ගැනීමෙන් අනතුරුව වැඩිහිටියන්ගේ හිස් ගිනිගන්නට ඇත. සිද්ධිය කඳනේ ගෙදර පොලීසියට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් වන්නේ ඉන් පසුවය. මේ ගැන විමර්ශනය කරන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් අසංක ඇතුළු කණ්ඩායමක් අපයෝජනයට ලක්වූ දැරීය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය රෝහලට ඇතුලුකරනේ අනතුරුවය. සැකකාර සිසුවා පොලීසිය හාරයට ගැනිණී.ප්‍රදේශයේ කුලියා පරිවාස නිලධාරිණියද මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබුණාය.
මව්පියන් අතර ඇතිවූ ආරවුලක් නිසා මවගේ වැඩිමහල් සහෝදරයාගේ නිවෙසට ගොස් සිටියදී දැරිය අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය බී වාර්තාවක් මගින් සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කරමින් පැවැසීය. කොරෝනා වසංගතය හේතූවෙන් රටවසා දැමීමට පෙර,පාසල් පැවැත් වු කාලයේ සිසුවාගේ පාසල් 11 වසර ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකු ගුගල් සහ යුටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බවට ලබාදුන් උපදෙස් අනුව සැකකාර සිසුවා සිය ටැබ් පරිඝණකය ඔස්සේ මාස 03ක පමණ කාලයක් නරඹා ඇති බවට තොරතුරු අනාවරණයවී යැයිද ඉන් අනතුරුව. මවගේ සොයුරාගේ අවුරුදු 05යිමාස 10 වයසැති දියණිය සමග ඒවා අත්හදා බැලූ බව සැකකාර සිසුවා පවසන බවදපරිවාස නිලධාරිනීවාසනා චන්ද්‍රපාල මහත්මිය අධිකරණය හමුවේ පැවැසුවාය.
වින්දිත දැරිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළුකරන ලද බව පොලිස් පරීක්ෂක දමිත් අසංක පෙන්වා දුන්නේය. සැකකාර සිසුවා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ආසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේ නිවෙසේ ඇතිව තිබුණු ආරවුල් නිසා සිසුවා දෙපැත්තකින් පීඩනයට පත්ව සිටි බවයි. එම නිසා බාල වයස්කරුවකු වන සිසුවා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසද ඔහු ඉල්ලා සිටියේය. අත්තර්ජාලය ඔස්සේ දරුවන් කරන කියනදේ පිළිබඳ සුපරීක්ෂාකාරී නොවුණහොත් එම දරුවන් පරිහානියට පත්වන බවද ඊට මව්පියන් වගකිවයුතු බවද මේ නඩුව විභාග කළ කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය අවධාරණය කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් දක්වා තිබෙන නොසැලකිල්ල දරුවාගේ අනාගතය විනාශ වීමක් බවද සඳහන්කළ මහේස්ත්‍රාත්වරිය දරුවකු මෙතරම් ලාබාල වයසකදී මෙවැනි තත්වයකට පත්වීම ගැන මව්පියන් ඍජුව වගකිවයුතු බවද පෙන්වා දුන්නාය. දරුවන් යනු මව්පියන් විසින්ද මහෙයවිය යුතු පිරිසක් බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කළාය. පොලීසිය අධිකර්ණයෙන් ඉල්ලා සිටි ආකාරයට මේ නඩුවට අදාල විඩියෝ සාක්ෂි ලබා ගැනීමට ළමාරක්ෂක අධිකාරියට නියම කළාය, සැකකාර සිසුවාට රුපියල් 4ක ශරීර ඇප නියම කැරුණු අතර එම ඇපය සිසුවාගේ මව විසින් තැබිය යුතු බවටද නියෝග කැරිණි. සිසුවා මානසික සෞඛ්‍ය සායනයකට යොමුකරන ලෙස පරිවාස නිලධාරිණීයට නියම කළ අතර පුර්ණ පරිවාස වාර්තාවක් ඊළග නඩු දීනයදා ඉදිරිපත් කරන ලෙසද නියම කළාය.