වැලිකඩ රැඳවූවාගේ පස්ස පැත්තේ කුඩු පැකට් 41ක් ...දුම්කොළ 6කුත් එළියට පනී


$ads={2}

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවකු ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි දුම්කොළ හයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 46 ක් එම බන්ධනාගාර රෝහලේ වැසිකිළියක් තුළ දී පිටතට ගන්නා අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගංජා ග්‍රෑම් 20 ක් ළඟ තබාගැනීමේ වරදට පසුගිය 16 වැනිදා මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම රැඳවූවාට දඬුවම් පමුණුවා තිබේ.

මෙම පුද්ගලයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහාය. එම අවස්ථාවේ ඔහුට වැසිකිළියට යාමට අවශ්‍ය බව නිලධාරීන්ට පවසා තිබේ. මෙම රැඳවූවාගේ හැසිරීමේ වෙනසක් දැනුණු බැවින් කාර්යභාර නිලධාරිවරයා ඔහු පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් සිට ඇත.

වැසිකිළිය තුළ දී දුම්කොළ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් පිටතට ගැනීමට උත්සහ කරන අවස්ථාවේ එම නිලධාරියා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සියල්ල අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කළුතර උතුර පොලිසියට භාරදීමට නියමිතය. එමෙන්ම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට බන්ධනාගාර විනිශ්චය සභාවක් පත්කරන බවය.

Post a Comment (0)
Previous Post Next Post