කුඩු අල්ලමු.. ලක්ෂ ගණනින් සල්ලි හම්බ කරමු..

කුඩු කිලෝවක් ඇල්ලුවොත් පොලිසියට රු.ලක්ෂ 4ක් තෑගි

හෙරොයින් වැටලීම් වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට හෝ තොරතුරුකරුවන්ට ගෙවන ත්‍යාග මුදල දෙගුණ කිරීම ඇතුළු මිල ගණන් සංශෝධනය කරන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අනුව හෙරොයින් කිලෝවකට ඔත්තුකරුවකුට ගෙවූ රුපියල් හැත්තෑපන්දහසක මුදල රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා වැඩිකිරීමට නිර්දේශ කර තිබේ. වැටලීම කරන නිලධාරියාට රුපියල් ලක්ෂ හතරක් නිර්දේශ කර ඇත.
$ads={2}

හෙරොයින් ග්‍රෑම් 500 ක ඔත්තුවක් සඳහා රුපියල් ලක්ෂයක් ඔත්තුකරුටත්, නිලධාරියාට ලක්ෂ දෙකහමාරකුත් ගෙවීමට යෝජනා වී තිබේ.

හෙරොයින් ග්‍රෑම් 10 ත් 25 ත් අතර වැටලීමකදී ගෙවූ රුපියල් 5000 ක ත්‍යාග මුදල රුපියල් දසදහස දක්වා වැඩි කිරීමටත්, නිලධාරියකුට රුපියල් විසිපන්දහස දක්වා ගෙවීමටත් නිර්දේශ වී ඇත. හෙරොයින් ග්‍රෑම් 25 ත්, 50 අතර වැටලීමකදී ඔත්තුකරුට රුපියල් විසිදහසක් දක්වාත්, නිලධාරියකුට රුපියල් හතළිස්දහස දක්වාත් වැඩි කිරීමට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම්වලදී ගෙවන මුදලට සාපේක්ෂව මෙම මුදල වැඩි කිරීමට නිර්දේශ කර යවා ඇත.

මෙම නිර්දේශය දැනට පොලිස්පතිවරයා අධ්‍යයනය කරමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.
Post a Comment (0)
Previous Post Next Post