පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝ දාහක් දෙනා බලා සිටියදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරකුට පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඇත.😓
මෙලෙස වෙඩි තබන අවස්ථාවේ ගිනි අවිය අක්‍රිය වී ඇති අතර වෙඩි ප්‍රහාරවලින් රියැදුරුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධියත් සමගම රෝගීන් බැලීම සඳහා පැමිණ සිටි විශාල පිරිසක් හිස් ලුලූ අතට දිව යන්නට වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ගිනි අවියේ තිබූ ජීව උණඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියැදුරු දොර අසල වැටී තිබියදී පොලිසිය සොයාගෙන ඇත. ගිලන් රථ රියැදුරු රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත ඊයේ (27 වැනිදා) දහවල් 11.45 ට පැමිණි අවස්ථාවේදී ගිලන් රථය රෝහල් භූමියට ඇතුළු කරනවාත් සමගම ගිලන් රථයේ දොර අසලට පැමිණි පුද්ගලයකු රියැදුරුට වෙඩි තබා ඇති අතර තවත් පුද්ගලයකු රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ගිනි අවියක් අත දරාගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
$ads={2}
වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇතත් ඒ කිසිදු පහරක් රියැදුරුට වැදී නැත. මෙම රියැදුරු කළුතර උතුර තොටුපළ පාර පදිංචිකරුවෙකි.
මෙසේ වෙඩි තැබීමට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඔත්තුවක් ලබාදුන්නාය යන සැකයක් බවට විශ්වාස කෙරේ.
පසුගිය වසරේ පෙබරවාරි 28 වැනිදා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් යුද හමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 42 ක් වටිනා මත්කුඩු තොගයේ ඔත්තුව ලබාදීමේ සිද්ධිය මෙම රියැදුරුගේ වැඩක් බවට වෙඩික්කරුවන් විශ්වාස කරනවාද යන සැකය පොලිසියට මතුව ඇත.
පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා, පොලිස් පරීක්ෂක ලිවේරා, පොලිස් සැරයන් කුරුප්පු (1184) සහ අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා යන කණ්ඩායමක් විමර්ශන සිදු කරති.