ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඉවතට..?.... තවත් ඇමතිවරු දෙදෙනෙක් ඉවත් වෙන්න සූදානමින්

ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඉවතට..?

ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් ඇතැම් සමාජ ජාල මාධ්‍ය වලද අදහස් පළ වෙමින් තිබේ.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම, කැබිනට් තීරණ ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම යන චෝදනා මත මෙම ඉවත් කිරීම සිදුකරනු ඇතැයි ද සඳහන් වෙයි.

මේ පිලිබදව මාධ්‍යවේදින් විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම විමසූ අතර ඔවුන් එම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු නොකලේය.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද ඉවත් කරන ලද්දේ එම චෝදනා මුල් කොට ගෙනයි.

ඉවත්වන්න සූදානමින් සිටින්නැයි ඇමති දෙදෙනෙක් කාර්ය මණ්ඩලවලට කියයි…

තමන්ගේ ද ඇමැති ධුරයන් ඇතැම්විට ඉවත් කිරීමේ ඉඩක් ඇතැයි කැබිනට් අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම පෞද්ගලික කාර්ය මණ්ඩලවල කිහිප දෙනෙකුට පවසා ඇත.

එනිසා ඒ සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක සූදානමින් සිටින ලෙස ද ඔහු විසින් පවසා තිබේ.

අවශ්‍ය වුවහොත් මාධ්‍ය කැදවීමකටත් හා පුද්ගලික භාණ්ඩ ඉවත් කර ගැනීමටද සූදානමින් සිටින්නැයි උපදෙස් ලැබී ඇතැයි සදහන්ය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර ඉන් නව පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.

Post a Comment (0)
Previous Post Next Post