පැයක් දෙකක් නෙමෙයි, නැවත දැනුම් දෙන තුරු විදුලි කපන්න වෙයි – විෂයයන් ගැන දැනුමක් නැති ඇමතියෝ දෙන්නෙක් විවිධ කතා කියනවා

නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදු කිරීමකට සිදුවන නිශ්චිත මොහොතක් පැමිණීමට නියමිතව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටින්නේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු රට වසා දැමීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.

විෂයයන් සම්බන්ධයෙන් කිසිදු දැනුවත්කමක් නැති අමාත්‍යවරුන් දෙදෙනෙකු තම කොටස බේරා ගැනීම සඳහා විවිද කතා කීමෙන් තත්ත්වය මෙම අර්බුදය තවත් උත්සන්න වන බව ද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාව විදුලි උත්පාදනය සදහා ශ්‍රී ලංකාවට ණයට ලබා නොදෙනු ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතාවය තාප බලාගාර වල පාලනය ඔවුන්ට ලබාගෙන ඉන් අනතුරුව තෙල් ලබාදීම යයිද හෙතෙම තවදුරටත් පැවසීය.

$ads={2}

විදුලි කප්පාදුවට කාලසටහනක් සකස් කෙරේ…!

අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත් ආසන්න වශයෙන් පැය එක හමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. එසේ විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන්නේ නම් ඊට අදාළ කාලසටහන් සකස් කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඉන්ධන නැවට ඩොලර් ගෙවා ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇති බවත් එම කාර්යය සාර්ථක වුවහොත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

විදුලිය අර්බුදයෙන් වතුරත් නැතිවෙයි..?

විදුලි සැපයුම බිඳ වැටුණහොත් අඹතලේ ජල පොම්පාගාරයට එය බලපෑමක් සිදු වනු ඇති බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. එසේ වුවවොත් අඛණ්ඩ ජල සැපයුම බිඳ වැටීමට හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය. පාරිභෝගිකයන්ට බලපෑමක් සිදු නොවන ආකාරයට පවතින ජල සම්පත කළමනාකරණය කරගත හැකිවනු ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

විදුලිය හදන්න ඉන්ධන නෑ.. ලැබෙන විදිහකුත් දන්නෑ..- විදුලි ඉංජිනේරුවෝ දන්වති..!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදුන් ඩීසල් හා දැවිතෙල් 18 දිනයෙන් අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. හෙට දිනයෙන් පසු විදුලිය ලබා දෙන්නේ කෙසේදැයි යන්න තීරණය වන්නේ ඉන්ධන ලැබෙන නොලැබෙන තීරණය මත බවද සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය 35% දක්වා පහත බැස ඇති බවත් නැවත සැළකියුතු වර්ෂාපතනයක් අප්‍රේල් මැයි මාස වන තෙක්ම නොලැබෙනු ඇති බවට කාලගුණ අංශ විසින් පුරෝකතන කර ඇති බවත් හෙතෙම පැවසීය. දැනට ජලාශවල පවතින ජල මට්ටම් ද වේගයෙන් අඩු වී ගෙන යන බවත් මෙම තත්ත්වය මත තව මාසයක් දෙකක් යන විට තත්ත්වය ඉතාම අවදානම් මට්ටමකට පත් වෙන බව ද හෙතෙම කියා සිටියේය.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී. එළඹෙන සතියේ නොරොච්චෝල බලාගාරයේ ක්‍රියාත්මක වීමෙන් පසු මෙම විදුලි අර්බුදය සමනය වනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කළේය.

Post a Comment (0)
Previous Post Next Post