සතුන් විසින් සපා කමින් තිබු නොමේරු බිලිඳු මළ සිරුරක් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක පාසල අසල ඉදිරිපිට මාර්ගයේ තිබියදී පෙරේදා (11 වැනිදා) උදෑසන සොයාගත් බව පොතුපිටිය පොලිසිය පැවසීය.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා බිලිඳු මළ සිරුර ගැන පොලිසියට දන්වා ඇත.සුනඛයන් විසින් ශරිරයේ සමහර කොටස් සපා කා තිබූ බවද පොලිසිය පැවසිය.
$ads={2}
රත්තපුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා එදින සවස අදාළ ප්‍රදේශයට පැමිණ මළ සිරුර පරික්ෂා කර පශ්චාත් මරණ පරික්ෂණයට දේහය රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර ඇත.