හදිසි අනතුරකට ලක්ව වෙල්යායකට වැටී සිටි අයෙකු මියගොස් ඇතැයි සිතා සිටියදී පැය තුනකට පමණ පසු මළ සිරුර රැගෙන යාමට පැමිණි පොලිස් නිලධාරීන්ට එම පුද්ගලයා ජීවතුන් අතර සිටින බවට අනාවරණය වීමෙන් පසු රෝහල්ගත කළ පුවතක් බදුල්ල හාලිඇළ ප්රදේශයෙන් වාර්තා වේ.
කන්තලේ ප්රදේශයේ පදිංචි දියතලාව යුද්ධ හමුදා කඳවුරේ සේවය කරන කෝප්රල්වරයෙක් මෙලෙස අනතුරට ලක්ව තිබිණි.
ඔහු කන්තලේ සිය නිවසේ සිට දියතලාව යුද්ධ හමුදා කඳවුරට යන අතරමගදී හාලිඇළ උඩුවර ප්රදේශයේදී සුනඛයෙකු යතුරුපැදියට පැනීම නිසා වූ අනතුරකින් පසු මාර්ගයේ අයිනේ තිබූ ගලක හැපී අසල තිබුණු වෙල්යායට යතුරුපැදියත් සමග වැටී ඇත.
$ads={2}
අනතුරේ ශබ්දය ඇසී ප්රදේශවාසීන් එම ස්ථානයට රැස් වුව ද වෙල්යායේ සිටි පුද්ගලයා මියගොස් ඇතැයි ඔවුන් සිතූ නිසා ඔහු රෝහල්ගත කර නොමැත.
අනතුරුව පැය තුනකට පමණ පසු පොලිසිය පැමිණ මියගිය පුද්ගලයාගේ සිරුර ගෙන යාමට සැරසුණු අවස්ථාවේදී එම පුද්ගලයා මියගොස් නැතැයි දැන ගෙන කඩිනමින් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.