මෙරට දේශපාලනය තුළ සාධනීය වෙනසක් සහ කාන්තා දේශපාලනය ඉහළ දැමීම අරමුණු කරගනිමින් පැෆ්රල් සංවිධානය කරන ලද වෙනසකට මග පුහුණු පාඨමාලාව ඊයේ (19 වැනිදා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ විය.
කාන්තාව සහ පිරිමියා අතර වෙනසක් මෙරට තුළ නොමැති බැවින් වෙනත් රටවලට සාපේක්ෂව මෙරට කාන්තාවන් වාසනාවන්ත වන බව මෙම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙහි දී මෙලෙසද අදහස් දැක්වීය.
$ads={2}
මැතිවරණ දූෂණ පිළිබඳ අපි කතා කරනවා. කාන්තාවෝ වැඩිපුර මැතිවරණ ව්‍යාපාරයේ නියැළී සිටිනාව නම් දූෂණ වැළැක්වෙනවා. ඒ නිසා කාන්තාව දේශපාලනයට යොමු වීම වැදගත්. මගෙ රජය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතියෙන්ම කාන්තා නියෝජනය 25% කරන්න අපිට පුළුවන් වුණා. එය මේ රටේ එක් යුගයක කාන්තාවන්ගේ ජයග්‍රහණයක්.
එමෙන්ම ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට තුළ මාතෘ මන්දපෝෂණය මෙන්ම ළමා මන්දපෝෂණය ඉහළයෑමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ එවන් අර්බුදයක් පවතින මොහොතක කාන්තා නායකත්වය, දායකත්වය දේශපාලනයට යොමුවීම වැදගත් වන බවයි.