අද දවසේ ලග්න පලාපල - 2022 ජනවාරි මස 07 වන සිකුරාදා

මේෂ

ප‍්‍රබෝධමත්ව දවස ගෙවයි. මහජන ප‍්‍රසාදයට පත්ව ඇති සතුරන් දමනය වෙයි. තනතුරු ලාභ ලැබීම් වැනි දේවල් ස`දහා යොමුවෙයි. ප‍්‍රීති උත්සව වැනි දේවල් වලටද සහභාගි වෙයි. සිරසගත රෝග සාදයි.

වෘෂභ

රාජකාරි ක‍්‍රියාවන්ට අමතර බාහිර ක‍්‍රියාවන් යෙදෙන දිනකි. සුහද හමුවීම් වැනි දේවලද යෙදෙන අතර කි‍්‍රයාකාරකම් වලදී ප‍්‍රධානව කි‍්‍රයාකරයි. තම බලාපොරොත්තු වලට අමතර විය පැහැදම් ඇතිවෙයි. හදිසි රෝග ශල්‍යකර්ම වැනිදේට හේතුයි.

මිථුන

ගමන් බිමන් බහුල වෙයි. විනෝදගමන් වන්දනාගමන් වැනි දේවල් යෙදේ. රාජකාරිවලදී කලකිරීම් ඇති කරවන ප‍්‍රශ්නද මතු කරයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයාකරයි. වැයපසද ඉහළ යයි. සෙම් බහුල රෝග මතු කරයි.

$ads={2}

කටක

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ගමන් බිමන් බහුල වන දිනකි. නවක මිතුදම් ඇතිවෙයි. රහස් සබඳතා මත තම නමට කැලැල් ඇතිවෙයි. අඹුසැමි වාද භේද ඇති කරයි. හදිසි ධනලාභ ලැබීම් වේ. සන්ධි ප‍්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතුවේ.

සිංහ

තරමක් අලස ගති ඉස්මතු කරයි. දවසට සැලසුම් කි‍්‍රයා අඩපන වෙයි. ආවේගශීලී ගති උපදවන බැවින් ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතු දිනකි. වැයපසද ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසගත රෝගවලට හේතුයි.

කන්‍යා

තරමක් ශුභවාදී ඵලදෙයි. තම අරමුණු තරමක් සාර්ථක කරගනී. රැකියාවල ප‍්‍රබෝධයෙන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන කි‍්‍රයා යෙදෙන අතර ඔවුන්ගෙ වැයපසද ඉහළ යයි. සෙම් බහුල රෝග මතුකරන දිනකි.

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල දරයි. වෙහෙසව කි‍්‍රයාකිරීමට සිදුවන අතර තරමක් ආවේගශීලී ගති මතු කරවයි. ඉවසීමෙන් දිනචරියාව ගත කළ යුතුයි. හදිසි ධනවාසනා එල්ලවීමටද නියමිතයි. වාතාධික රෝග ඉස්මතු කරවයි.

වෘශ්චික

ශුභාශුභ ඵලදෙන දිනකි. ගමන් බිමන් වලදී ප‍්‍රවේශමද මැනවි. රැකියාවල දිරිමත්ව කි‍්‍රයාකරයි. සතුරු බලවේග දමනය වේ. මෞත‍්‍රලිංගික පද්ධතියේ රෝගමත පීඩා මතු කරයි. වැයපස වඩාත් ඉහල යන දිනකි.

ධනු

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. රැකී රක්‍ෂා ස්ථානවල බාධා ඉවත් වෙයි. තම සැලසුම් තරමක් ජයගනී. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග වාත රෝග සාදයි.

මකර

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයාකරයි. වැයපස ඉහළ යයි. නයතුරුස් වීමට ඉඩ තිබේ. ඉදිමුම් රෝග හන්දි රෝග සාදයි..

කුම්භ

ශුභඵල මතුකරයි. නව නිර්මාණකරණයට හේතුයි. ප‍්‍රීති උත්සව යෙදේ. වැයපස ඉහළ යයි. රැුකී රක්‍ෂාවල උසස් වීම් වලට හේතුයි. දුරස්ථ ඥාතීන් සමීපවෙයි. සෙම් බහුල රෝග සාදයි.

මීන

ශුභඵල මතුකරයි. දුරගමන් යෙදේ. හදිසි තීරණ මත කි‍්‍රයාකිරීම ශුභවාදී නොවේ. වැයපස ඉහල යයි. ආර්ථික වාසිද මතු කරයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. නහරගත රෝගාබාධ මතු කරයි.

Post a Comment (0)
Previous Post Next Post