මේෂ
සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ව්‍යාපාර වල පැහැදිලි දියුණුවකට හේතු කරුණු යෙදේ. යාන වාහන මිලට ගැනීමට ශුභයි. පේ‍්‍රම සබඳතා රහස් සබඳතා ඇතිවෙයි. හදිසි ලාභ දෙයි. සෙම් කෝප රෝග මතුවේ.
වෘෂභ
තරමක් අවිවේකී බව ඇතිවෙයි. සතුරන් දමනය කර තම ගමන යාහැකි අතර ඇසුරුකරන්නන් අතර ප්‍රසාදය දිනයි. නවක මිතුදම් ඇතිවෙයි. දුරගමන්, විදෙස් ගමන් වැනිදේට හේතුයි. සන්ධි රෝග ඉදිමුම් රෝග සෑදේ.
මිථුන
ගමන් බිමන් බහුලයි. ප්‍රවේශම් වීමද මැනවි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. ප්‍රබෝධමත්ව රාජකාරි කි‍්‍රයාවන්හි යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග මතුවේ.
කටක
තරමක් අවිවේකී බව මතුකරයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. හදිසි තීරණ මත කි‍්‍රයාකිරීම ශුභ නොවේ. ගුවන් ගමන් වැනිදේට අවශ්‍ය පසුබිම යෙදේ. හදිසි ධනලාභ දෙයි. සිරසගත රෝග සාදයි.
සිංහ
ශුභවාදී ඵලදෙයි. දහමට ලැදිව කි‍්‍රයාකරන අතර ආගමික උත්සව සංවිධානය සභාගිවීම ආදී දෙයට හේතුයි. ප්රීතිසාද වලටද සහභාගි වෙයි. වැයපස ඉහළ යන දිනකි. සිරසගත රෝගද මතුවේ.
කන්‍යා
ශුභවාදී ඵල මතුකරයි. ආගමික පුද පූජා, සත්කි්රයාවන් ආදියෙහි යෙදේ. තම ඥාතීන්ද ඒ සඳහා යොමුකරවයි. විනෝදජනක කි්රයාවන්හිද යෙදෙන අතර හදිසි වාසනා ලබයි. සෙම් රෝගද සාදයි.
$ads={2}
තුලා
ශුභවාදී ඵල මතුකරයි. දුරගමන් වන්දනාගමන් වැනිදේ වලට හේතුයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවන අතර සුහදතා වර්ධන කි්රයාවන්හිද යෙදේ. සන්ධි ඉදිමුම් වැනි රෝග මතුවේ.
වෘශ්චික
ශුභවාදීඵල මතු කරයි. විනෝදජනක කි‍්‍රයාවන්හි යෙදේ. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. පුද පූජාවල නිරතවන අතර තම ඥාතීන්ද ඒ සඳහා යොමුකරවයි. ස්නායුගත රෝග මතුවෙයි.
ධනු
ශුභාශුභ මිශ්රඵල දරයි. සුපුරුදු රාජකාරි වලින් තරමක් දුරස්ථව කි‍්‍රයාකරයි. ඇසුරු කරන්නන් සමග සබඳතා සීමාවෙයි. ගමන් බිමන් අඩුවන අතර මුත්‍රා ආසාදන රෝග මතුවෙයි.
මකර
ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් සීමාවෙයි. තරමක් හුදකලා බවක් මතු කරයි. තම ඥාතීන් සමග ඔවුන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයාකරයි. හදිසි ලාභ මතු කරයි. කැපුම් කෙටුම් වැනි දේවලට හේතුයි.
කුම්භ
ශුභාශුභ මිශ්රඵල දෙයි. අලසගති ඉස්මතු කරන දිනකි. සුහඳතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. ගමන් බිමන්ද සීමාවෙයි. සතුරු බලපෑම් එල්ල වෙයි. සිත් චංචල වෙයි. ආමාශගත රෝග මතුවෙයි.
මීන
ශුභාශුභ ඵල සහිතයි. ගමන් බිමන් සීමාවෙයි. තම නිවස අලංකාරයට කටයුතු කරයි. සතුරන් දමනය වෙයි. තරමක් වැයපස ඉහළ යයි. හන්දි ඉදිමුම් ආදි රෝගවලට හේතුයි.