විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බණ්ඩාරගම අලුත්ගම නිවසට කඩු පොලු රැගෙන කඩා වැදුණු සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ රූමත් දියණිය පෙරේදා (9 වැනිදා) රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි අනාවරණය වේ.
මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ සේවය කරන 25 හැවිරිදි තරුණියකි. මෙම පැහැර ගැනීම සඳහා පැමිණි එක් පුද්ගලයකු නිවැසියන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.
$ads={2}
සැකකරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. තියුණු ආයුධ පහරට ලක්ව තුවාල ලද විශ්‍රාමික පොලිස් සැරයන්වරයා බණ්ඩාරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පැවසේ.
පෙරේදා (9 වැනිදා) රාත්‍රී 10 ට පමණ වෑන් රථයකින් කඩු පොලු ඇතැතිව පැමිණි හය දෙනකුගේ පමණ පිරිසක් නිවසේ දොර ජනේලවලට පහර දී අනතුරුව දොර කඩා ඇතුළු වී විශ්‍රාමික පොලිස් සැරයන්වරයාට මෙන්ම නිවසේ බඩු බාහිරාදියටද පහර දී ඇත.
පිරිසක් නිවස තුළට කඩා වැදී කලබල කරන බවට කන වැකුණු විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ පුතකු වහා එම ස්ථානයට කඩා පැන එක් පුද්ගලයකුට පහර දී කාමරේකට දමා දොර වසා ගෙන තිබූ අතර සෙසු පුද්ගලයන් පොලිස් සැරයන්වරයාගේ දියණිය රැගෙන වෑන් රථයෙන් පලාගොස් තිබේ.
සිද්ධිය සැලවීමත් සමග මෙම ස්ථානයට පැමිණි බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට අල්ලාගෙන සිටි පුද්ගලයා භාරදී ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පැමිණි පිරිස පිළියන්දල මඩපාත හා බටුවන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි
තරුණිය පැහැර ගැනීමෙන් අනතුරුව පැයකට ආසන්න කාලයකදී ඇයගෙන් මවට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර මෙම සිද්ධියට පොලිසි නොයන ලෙස දියණිය කියූ බව මව පොලිසියට ප්‍රකාශ කර ඇත.
පැහැරගැනීමට ලක්වූ බව කියන තරුණිය විවාහ කර ගැනීම සඳහා කිසියම් පුද්ගලයකු නිවසට ආගිය බවට ද විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.
පැහැර ගැනීමට පැමිණි කණ්ඩායමේ සිට පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
නිවෙසට පැන්න සන්නද්ධ කල්ලියේ පුද්ගලයන් අතර පෞද්ගලික බස් රථ රියැදුරකු ද සිටින බවට තොරතුරු ලැබී තිබේ.
තරුණිය පැහැර ගැනීමට පැමිණි කල්ලියේ අනෙකුත් සාමාජිකයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාත් කුමාර ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.