අද දවසේ ලග්න පලාපල - 2022 ජනවාරි මස 05 වන බදාදා


මේෂ

රාජකාරිවල බහුලවීමක් පෙනේ. ප‍්‍රීති උත්සව වැනි දේවලට සහභාගි වෙයි. ගමන් බිමන්ද බහුල වෙයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. හදිසි ධන වාසනා ලාභද ලබයි. සෙම් කෝප රෝග මතුවේ.

වෘෂභ

ප‍්‍රබෝධමත්ව රාජකාරිවල යෙදේ. තරග තුරඟ වලින් ජයගනී. විනෝදාත්මක කි‍්‍රයා අලංකාර කටයුතු ආදියෙහි වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි තම මිතුරන් සමීප වෙයි. සිරසගත රෝගද සාදයි.

මිථුන

ශුභාශුභ මිශ‍්‍රඵලදෙයි. සුහද හමුවීම් සතුටුසාමීචි ආදියෙහි යෙදේ. තනතුරු ලාභ ලබන මාර්ග යෙදේ. තරමක් වෙහෙසව කි‍්‍රයා කිරීමට සිදුවෙයි. අතුරු ලාභ ලැබීම් ගෙනදෙයි. සන්ධි රෝග මතුකරන දිනකි

කටක

තරමක් වෙහෙසව කි‍්‍රයා කරයි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතු කරයි. තරමක් මනසට අවිවේකය ඇති කරයි. හදිසි තීරණ මත කි‍්‍රයා කිරීම ශුභවාදී නොවේ. හදිසි ධනලාභ ලබයි. මුත‍්‍රා ආසාදන රෝග මතුවේ.

සිංහ

ශුභඵල සහිතයි. රැකී රක්‍ෂාවල උසස්වීම් වලට හේතු කරුණු යෙදේ. උගතුන් ඇසුරට පත්වෙයි. කෙටි ගමන් බිමන් වලදී ප‍්‍රතිඵල ශුභදායක වෙයි. දුරස්ථ වූ ඥාතීන් සමීප කරවන කි‍්‍රයාවන්හි යෙදේ. සිරසගත රෝග මතු කරයි.

කන්‍යා

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරන අතර ගමන් බිමන් අධිකවෙයි. තරමක් වැයපස අධික වෙයි. කතාවේදී කි‍්‍රයාවේදී ප‍්‍රවේශම මැනවි. තනතුරු ලාභ ලැබීම් වලට හේතුයි. හන්දි ප‍්‍රදාහ රෝග, ඉදිමුම් ආදියට හේතුයි.

තුලා

ශුභාශුභ ප‍්‍රතිඵල ගෙනදෙයි. විනෝදජනක කි‍්‍රයාවන්හි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන කි‍්‍රයාවන් යෙදේ. ගමන් බිමන් යෙදේ. වැයපස ඉහළ යයි. ආමාශගත රෝග ආහාර විෂවීම් වලට හේතුයි.

වෘශ්චික

ශුභඵල මතුකරයි. රැකී රක්‍ෂා කි‍්‍රයාවන්වල ප‍්‍රබෝධමත්ව කි‍්‍රයාකරයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය ලබයි. හදිසි ධන ලාභ ලැබීම් වලට හේතුයි. හදිසි රෝග කැපුම් කෙටුම් වැනිදේට හේතුයි.

ධනු

ශුභඵල මතුකරයි. තම අරමුණු තරමක් හෝ ජයගනී. පොදු සේවා සමිති සමාගම් වලට දායක වෙයි. මහජන ප‍්‍රසාදය දිනයි. ව්‍යාපාර වල දියුණුවක් පෙනේ. විනෝදජනක කටයුතු වලද යෙදේ. සෙම් බහුලවීමෙන් රෝග මතු කරයි.

$ads={2}

මකර

ශුභඵල ගෙනදෙයි. ප‍්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සතුරු බලපෑම් ඉස්මතු වෙයි. මනස චංචල වෙයි. ඉවසීමෙන් ජය ලබාගත හැකි අතර අමතර ලාභ ලැබීම් වැනි දේට හේතුයි. හන්දි ප‍්‍රදාහ රෝග, ඉදිමුම් රෝග ආදියට හේතුයි.

කුම්භ

ශුභවාදී ඵල මතුකරයි. විනෝදජනක කටයුතු වල යෙදේ. ගමන් බිමන් බහුල වෙයි. සතුරු බලපෑම් දමනය වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. භූමි ලාභ ලැබීම් වලට හේතුයි. සෙම් ආශ‍්‍රිත රෝග පෙනහළු රෝග සාදයි.

මීන

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. දුරගමන් යෙදේ. ගමනේද ප‍්‍රවේශම මැනවි. ප‍්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තම ව්‍යාපාර වලද දියුණුවක් පෙනේ. ප‍්‍රීති උත්සව සුහද හමුවීම් වලට හේතුයි. සන්ධි ප‍්‍රදාහ රෝග, ඉදිමුම් රෝගාදියට හේතුයි.

Post a Comment (0)
Previous Post Next Post