පුළුවන්නම් ලන්සාව අයින් කරන්න - මෛත්‍රී
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ඔහු ආණ්ඩුව විවේචන කළ හේතුවට නම් සුසිල් ප්‍රේමජයන්තටත් වඩා වැඩියෙන් ආණ්ඩුව විවේචනය කළ නිමල් ලන්සා ද ඇමැතිධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය.
'' ආණ්ඩුව ලන්සට අත තියන්නේ නැහැ. මොකද ලන්සා මේ ආණ්ඩුවේ හැමදේම හොඳටම දන්නවා '' යනුවෙන් ද මෛත්‍රිපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් හමුවට ඊයේ [ 04වැනිදා ] සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේය. මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් පරිශ්‍රයේ දී මෙම හමුව පැවැත්විණි. තමන්ට නව වසරේ අසන්නට ලැබූ පළමු ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයකු වූ සුසිල් ප්‍රේමජයන්ත ධුරයෙන් ඉවත් කිරීම බව ද මෙහිදී පැවසුවේය.
ඔහු ධුරයෙන් ඉවත් කර ඇත්තේ පක්ෂයට හොඳ කලක් උදා කර දෙමින් ලැබුවා වූ නව වසරේම හයේ පහරක් එල්ල කරමින් බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට නොහැකි ආකාරයට වැටී ඇති බව ඇතැමුන් පැවසුවත් ඔවුන් සියල්ලටම අමතක වී ඇති කාරණාව වන්නේ වැඩිම කාලයක් රට පාලනය කළ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්න බව ද මෙහිදී මෛත්‍රිපාල මහතා ප්‍රකාශ කළේය. එක ඇමැතිවරයෙක් ඉවත් කරමින් පමණක් මෙම වසරේ සිදුවීමට නියමිත කිසිවක් ආණ්ඩුවට නවතාලීමට නොහැකි බවත් ආණ්ඩුව නිවැරැදි මාර්ගයේ ගමන් කළහොත් ජනතාවගේ දුක වේදනාව හඳුනාගතහොත් පමණක් ඉදිරියේ සිදුවීමට නියමිත පිපිරිම වළක්වා ගත හැකි බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
$ads={2}
යවන්න තිබුනේ මීට කලින් - ජොන්ස්ටන්
රාජ්‍ය ඇමැතිධුරයක් දී ඇත්තේ රජය විවේචනය කරමින් කටයුතු කිරීමට නොව වගකීමෙන් යුතුව වැඩ කිරීමට බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය. රාජ්‍ය ඇමැති ධුරයෙන් සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කරමින් ජනාධිපතිවරයා ගෙන ඇත්තේ නිවැරදි තීන්දුවක් බවද ඇමැතිවරයා ඊයේ (4 වැනිදා) පැවැසීය.
ජනාධිපතිවරයා ගත් එම තීන්දුව මීට ඉහතදී ගැනීමට තිබූ තීන්දුවක් බවද සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවැසීය.
ජනාධිපතිවරයා, රාජ්‍ය ඇමැතිවරුන් හමුවෙන අවස්ථාවලදී යම් වැරැද්දක් තිබෙනවා නම් කතා කිරීමට අවස්ථාව ලැබෙන හෙයින් ඇතුළේ කතා කළ යුතු දේවල් එළියේ කතා නොකළ යුතුබව පෙන්වා දුන් ඇමැතිවරයා සුසිල් ප්‍රේමජයන්ත ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ලෙස අනෙකුත් අයට ආදර්ශයක් විය යුතු බවද සඳහන් කළේය.