අද දවසේ ලග්න පලාපල - 2022 ජනවාරි මස 23 වන ඉරිදා

මේෂ - සැක මතු වේ

මිල මුදල් හානි හෝ අධික වියදම් යෙදෙන දිනයකි. ඥාති මිත්‍රාදීන් සමග මත ගැටුම් හට ගනී. කරගෙන යන කටයුතු ප්‍රමාද වීමෙන් පාඩු සිදු වේ. හදිසි කෝපය පාලනය කර ගන්න. නොයෙක් දේ ගැන සැක ඇති වේ.

කටක - මුදල් ලැබීම්

වාසනාවන්ත දිනයකි. මුදල් ලාභ හිමියි. කරන කියන සෑම දෙයක් පහේම සාර්ථකත්වයට පත් වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. විවාහ යෝජනා ස්ථිරත්වයට පත් වේ. ශරීරාබාධ දුරු වේ.

තුලා -ව්‍යාපාර දියුණුව

මුදල් ලාභ හිමියි. ලොතරැයි දිනුම් උරගා බැලීමට සුදුසු දිනයකි. ගොවිතැන් කටයුතුවලින් ලාභ උපයයි. තරුණියන් සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් හිමි වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ.

$ads={2}

මකර - අසරණයන්ට පිහිට

ආදායම් තත්ත්වය ශුභදායකයි. සැප පහසුව ඇති වේ. විනෝදජනක අවස්ථාවන්ට සහභාගි වේ. ස්ත්‍රීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. අසරණයන්ට පිහිට වීමෙන් සිතේ සතුට ඇති කරයි. ශරීර සෞඛ්‍යය යහපත්ය.

වෘෂභ - ස්ත්‍රීන් සමග වාද

ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. ස්ත්‍රී පක්ෂය සමග මතවාද ඇතිකර ගනී. රැකියා කටයුතුවල ප්‍රබෝධමත්ව නිරත වේ. මිත්‍ර ආශ්‍රය වැඩි වේ. අධ්‍යාපන කටයුතුවල යම් සාර්ථකත්වයක් ලබයි.

සිංහ - රැකියවේ ගැටලු

වියදම් පක්ෂය පාලනය කර ගන්න. කරන කියන කටයුතුවල අවුල් වියවුල් ඇති වේ. හදිසි තීරණ ගැනීමෙන් පඩු සිදු වේ.. කේලාම් ඕපා දූපවලට හසු වේ. රැකියා ස්ථානයේ ප්‍රශ්නකාරී දෑ සිදුවිය හැක.

වෘශ්චික - මුදල් අඩුපාඩු

මුදල් සම්බන්ධ අගහිඟතා ඇති වේ. නඩුහබවල පැටලී ඇත්නම් විරුද්ධ පාර්ශ්වයේ තර්ජන එල්ල වේ. නැතහොත් පවුලේ වැඩිහිටි අයකුගෙන් හෝ විරුද්ධවාදිකම් ඇති වේ. පවුල් ජීවිතයේ ගැටලු මතු කළ හැක.

කුම්භ - වස්තු ලැබේ

ජයග්‍රහණ අත්පත් වේ. සුළු සුළු වස්තු ලාභ හිමියි. සිතේ ඇති අදහස් ඉටුකර ගැනීමට මග පෑදේ. මහන්සි වී වැඩකටයුතු කිරීමට සිදු වේ. ප්‍රණීත ආහාරපාන ලැබේ. පවුල් ජීවිතය සාර්ථක අන්දමට ගෙන යයි.

මිථුන

වියදම් පක්ෂය ඉහළ යයි. ගෞරවයට හානි පැමිණේ. රැකියා ස්ථානයේ පීඩාකාරී වාතාවරණයක් හට ගනී. ව්‍යාපාර කටයුතුවල නිරත නම් පාඩු සිදු වේ. ප්‍රේම සම්බන්ධතාවලට විරෝධතා මතු කරයි.

කන්‍යා - පදිංචියේ වෙනස්කම්

සැප පහසුව ඇති වේ. නව ආදායම් මාර්ග සොයා ගනී. නවීන තාක්ෂණ උපකරණ කෙරේ අවධානය යොමු කරයි. පදිංචි ස්ථානයේ සුළු සුළු වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරයි. වෙනදාට වඩා ප්‍රණීත ආහාරපාන ලැබේ.

ධනු - නිෂ්ඵල වියදම්

නිෂ්ඵල ගමන් යෙදේ. ඒ් හේතුවෙන් වියදම් පක්ෂය ඉහළ යයි. කරගෙන යන කටයුතුවල අවුල් වියවුල් තත්ත්වයක් ඇති වේ. රැකීරක්ෂා කටයුතුවල යෙදීමේ දී උදාසීන ගති මතු කරයි. සිතට සැකයක් පහළ වේ.

මීන - වියදම් අධිකයි

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඇති කරයි. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී.

Post a Comment (0)
Previous Post Next Post