ඉතිහාසයේ ප්‍රථම වතාවට අඩුම සහල් ප්‍රමාණයක් ආනයනය කර අපේ දේ රැක ගැනීමට කටයුතු කළේ වත්මන් රජය බව වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිය අමාත්‍යාංශයේ ඊයේ (17 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.
1977 වසරෙන් පසු කිසිම රජයක් අනුගමනය නොකළ ක්‍රියාමාර්ගයක් වන සහල් ආනයනය සීමා කිරීමට කටයුතු කළේ වත්මන් රජය බවත් එහි ප්‍රතිපලයක් ලෙස 2019 වසරේදී සහල් ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් විසිහතරදහසක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
එම ප්‍රමාණය තවත් අඩු කරමින් 2020 වසරේදී ආනයනය කිරීමට පියවර ගැනුණේ සහල් මෙට්‍රික් ටොන් දහසය දාහක් පමණි.
එහෙත් 'දැන් සහලුත් පිටරටින් ගෙන්වනවා' යැයි ප්‍රකාශ කරන එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යහපාලන රජය සමයේදී වක්කඩ කැඩුවා සේ ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමය කළ බවට අමතක වී ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
$ads={2}
විදේශ විනිමය පිළිබද කිසිදු කළමනාකරණයකින් තොරව පාට පැන්සල්, සරුංගල්, වෙසක් කූඩු, මකන කෑලි, තේ, රබර්, පොල්, ඇතුළු සියලුම ද්‍රව්‍ය ආනයනය කළේ වත්මන් ආණ්ඩුව විවේචනය කරන පිරිස් බවද හෙතෙම කීවේය.
එමෙන්ම වත්මන් රජය සහල් ආනයනය කිරීමට පියවර ගැනුණේ සහල් මාෆියාවට පිළිතුරක් වශයෙන් පමණක් බවත් මේ වසරේ අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක් රුපියල් 300 ඉක්මවා අලෙවි කිරීම සඳහා පොළොන්නරුව මෝල් හිමියන් විසින් සැලසුම් කර සිටි බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එලෙස සැලසුම් සකස් කරමින් සිටින අතරතුරදී පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමේ පියවරක් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙලෙස සහල් ආනයනය කිරීමට පියවර ගැනුණු බවද හෙතෙම කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.
'2014 වසරේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වියදම් කර ආනයනය කළා. 2016දී මෙට්‍රික් ටොන් විසිදහසක්, 2018දී දෙලක්ෂ හතලිස්නවදහසක් ලෙස මේ ආකාරයෙන් සෑම වසරකදීම සහල් විශාල ලෙස ආනයනය කළා. ඒ වගේම සතොස හරහා භාණ්ඩ වර්ග 20කින් සමන්විත සහන මල්ල ලබා දීම සම්බන්ධයෙන්ද ඇතැම් අය දකින්නේ විජ්ජාවක් විදියට. යහපත් දේ යහපත් ලෙස දකින්නටත්, අයහපත් දේ අයහපත් ලෙස දකින්නටත් බොහෝ අය පුරුදු වෙලා නැහැ.