මේ වනවිට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි. කොළඹ පිහිටි මුදල් අමාත්‍යංශයේ දී පවත්වන එම හමුවේදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළ අතර විශේෂ සහන කීපයක් ලබාදීමට තීරණය කර ඇත.
රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.
රාජ්‍ය සේවකයින් දහහතර ලක්ෂයටම ජනවාරි මාසයේ සිටම මෙම දීමනාව ඇතුළත් වන බව දන්වා ඇත.
අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ලැබූ අයටත් ඊට අමතර ලෙස මෙම දීමනාව ලැබෙන අතර විශ්‍රාමිකයින් සියලු දෙනාටත් එය ලැබෙන බව දන්වා සිටියේය.
පුද්ගලික අංශයටත් මෙම වැඩිවීමට සමගාමී වැඩිවීමක් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එය හාම්පුතුන් සතු කාර්යයක් බවද කීය.
සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ගොවි ජනතාව වෙනුවෙන් යම් කිසි අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් වන්දි ගෙවීමක් සිදු කළ හැකි බවද ඔහු කීය.
වී කිලෝවකට රුපියල් 75 ක අතිරේක මුදලක් ඒ අනුව හිමිවන බවද කීය.
පර්චස් 20 ට අඩු ගෙවතු වගාවන් සිදු කරන අයට රුපියල් 5000 ක උදව්වක් කරන බවත් ප්‍රා ලේකම් ග්‍රාම නිලධාරී මැදිහත්වී මෙම දීමනාව දෙන බවත් අක්කරයත් පර්චස් 20 අතර අයට රු 10000 ක දීමනාවක් දෙන බවත් මාස 6 කට පසු තවත් දීමනාවකුත් දෙන බවත් කීය.
ආබාධිත සෙබළුන්ටත් මාසිකව 5000 ක දීමනාවක් මෙම මස සිට ලැබෙන බව කීය.
සියලුම ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ වලට පනවා ඇති සියලු බදු ඉවත් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළ අතර ඒ අනුව බඩු මිල පහළදැමීමට එය හේතුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.
මෙම සියලු දීමනාවන් සඳහා රුපියල් බිලියන 229 ක් වෙන් කර ඇති බව මුදල් ඇමතිවරයා දන්වා සිටියේය.
සම්පූර්ණ විස්තර කිරීමේ වීඩියෝව පහතින්
$ads={2}