දෙල්කඳ පොළේදී කළ කතාව නිසා සුසිල් රාජ්‍ය ඇමතිකමින් දොට්ට


සුසිල් ප්‍රේම්ජයන්ත්  මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙයි. ජනාධිපතිවරයා සතු විශේෂ බලතල අනුව ගෝඨාභය රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත.
$ads={2}

මීට හේතුවී ඇත්තේ පසුගිය ඉරිදා දෙල්කඳ පොළේ බඩු ගන්නට ආ වෙලාවේ ඇමතිවරයා මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්න වලට රජය දැඩි විවේචනයට ලක්කරමින් ලබාදුන් පිළිතුරු බවද දැනගන්නට ලැබේ.

ඊයේ හවස පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී ජනාධිපතිවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයෙන් අදහස් පළ කර ඇති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ,

රජයේ අමාත්‍යවරයෙකු ලෙස තනතුරු දරමින් රජයේ ක්‍රියාමාර්ග විවේච්නය කිරීම සිදු නො කළ යුතු බව යි.

පසුගිය ඉරිදා දෙල්කඳ මහජන පොළට පැමිණි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එහි දී රූපවාහිනී මාධ්‍ය වාර්තාකරුවන් හමුවේ දැක්වූ අදහස් මෙසේය.

Q – බඩු මිලේ තාම අඩුවක් නෑනේ ඇමතිතුමා?

A – බඩු මිල අඩු කරන වෙළඳ ඇමතිලා, ආහාර ඇමතිලා, කෘෂිකර්ම ඇමතිලා දැන ගන්න ඕනනේ.

Q – පාලනය කරන්න පුළුවන්ද? මොකක්ද මේ වරද?

A – පාලනය කරන්න වේලපහින් කරන්න සූදානම් වෙන්න එපෑ. පොහොර නැතිකළාම ගොවියන්ට කොහොමද ඵලදාව ගන්නේ. කරන්න බැරි දේවල් කරන්න ගිහින් දැන් රටම අමාරුවේ දාලා තියෙන්නේ. ඒ්කට වග කියන්න ඕන තින්දු ගත්ත අය.

Q – ඒ් කියන්නේ කෘෂිකර්ම ඇමතිතුමාට මේක කරන්න බැරිද?

A – කෘෂිකර්ම ඇමතිතුමා ෆේල්නේ.

fffffffffffffffffffffff

Q – ඔබතුමාලගේ ආණ්ඩුව

A – අපේ ආණ්ඩුව වුණාට අපි තීන්දු ගන්න තැන්වල නෑනේ. අපි බැංකුවක් උඩ තියලා තියෙන්නේ. අපි රිසර්ව් ඉන්නේ. කලින් තින්දු ගන්න තිබුණා. දැන් කල් පැනලා. දැන් ඉතින් වෙන අයට තමයි තීන්දු ගන්න වෙන්නේ.

Q- කිසිම ආණ්ඩුවක මෙච්චර වැඩිවෙලා නෑ නේද?

A -විදේශ ආක්‍රමණික කාලයකවත් කෘෂිකර්මයට මෙහෙම දෙයක් වෙලා නෑ.

Q- ඔබතුමා මොකක්ද කියන්නේ රජයට?

A -කරන්න බැරි අය අයින් වෙලා පුළුවන් අයට දෙන්න ඕන

Post a Comment (0)
Previous Post Next Post