අද පැය හතරක් විදුලිය නෑ - විදුලිය කැපෙන හැටි මෙන්න


අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතරතුර පැයක පමණ කාලයක් ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

$ads={2}

පෙරේදා (5) රාත්‍රී සහ ඊයේ (6) රාත්‍රීද මෙලෙස විදුලි කප්පාදුවක් සිදු කළ නමුත් විදුලි බල මණ්ඩලය ඒවා‘කප්පාදු‘ ලෙස නම් නොකළ අතර සිදුවූයේ ‘හදිසි දෝෂ‘ ලෙස වාර්තා කරන ලදි.

නොදන්වා විදුලිය කැපීම සිදු කිරීම උසාවිය මගින් වන්දි ගෙවන්නට සිදුවන වරදක් වන අතර

මීට පූර්වාදර්ශ සපයමින් මීට වසර කිහිපයකට පෙර විදුලි බල මණ්ඩලය එවැනි නඩුවකින් පරාද විය.  පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් නීති මාර්ගයෙන් යාමට ඉඩ ඇති නිසා විදුලි බලය ඇණ හිටියේ කැළණිතිස්ස බලාගාරයේ ඇතිවූ දෝෂයක් ලෙස ඊයේ දන්වා තිබුණි.

නමුත් සත්‍ය තත්වය වන්නේ  පසුගිය 3 වනදා සිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම නිසා ඒ ක්ෂණයෙන්ම කැලණිතිස්ස බලාගාරයද වසන්නට සිදුවීමයි. සෙසු විදුලි ප්‍රභවයන් වන තාප විදුලිය හා ජල විදුලිය  වැඩිපුර පරිභෝජන අවස්ථා සඳහා ප්‍රමාණවත් නොවීම නිසා කප්පාදුව සිදු විය.

අද විදුලි බල මණ්ඩලය නිකුත් කරන නිවේදනයේ දන්වා ඇත්තේෙ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් අද (07) පස්වරුවේදීත් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි.

මෙම තත්වය ඉදිරි දින කිහිපයේදීද ඇතිවනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

Post a Comment (0)
Previous Post Next Post