ලබන 10 වනදා සිදුවෙතැයි ආරංචි පැතිර ඇති කැබිනට් මණ්ඩල සංශොධනයේදී දැනට ආණ්ඩුව සමග හවුල්කාර ශ්‍රීලනිපට අයත් ඇමතිවරුන් සියල්ල නෙරපනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර දෙකක් හා රාජ්‍ය ඇමති ධූර දෙකක් ශ්‍රීලනිපයට අයත්වන අතර ඔවුනද ඇතුළුව 14 දෙනෙක් මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරති.
මේ අය සියලු දෙනා මේ වනවිටත් රජය දැඩි ලෙස විවේචනය කරමින් සිටින පසුබිමක ඇමති ධූර වලින් ඉවත් කිරීම සිදුවනු ඇතැයි වාර්තා පළවේ.
සුසිල් ප්‍රේමජයන්ත මහතාට දඩුවම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කලබල වූ අතර මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයාද ඉන් පසුව ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කර තිබුණි.
$ads={2}
නිමල් සිරිපාල,මහින්ද අමරවීර යන කැබිනට් ඇමතිවරුත්, ලසන්ත,දයාසිරි හා දුමින්ද යන රාජ්‍ය ඇමතිවරුත් ශ්‍රිලනිප නියෝජනය කරති.