වත්ත සුද්ද කරනකොට හමුවූ කිලෝ 200 ක බෝම්බ දෙකකට මිතුරා සමගින් කරපුදේ....


එකක් කිලෝ ග‍්‍රෑම් 200 බැගින් වූ ගුවන් බෝම්බ දෙකක් යකඩ පිණිස අලෙවි කිරීමට ගිය පුද්ගලයන් හයදෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් 5 දා අත් අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඉඩමක් එහි අයිතිකරුට වසර ගණනාවකට පසුව පදිංචිය සඳහා ලබා දී ඇති අතර යුද සමයේදී එම ස්ථානයේ විශාල හමුදා කඳවුරක් පවත්වා ගෙන ගොස් තිබේ.

ඉඩම් හිමියා වත්ත සුද්ද කරමින් සිටින විට මෙම ගුවන් බෝම්බ දෙක හමු වී ඇති අතර ඔහු ඒ පිළිබඳව සිය මිතුරන්ටද පවසා කිලෝ ග‍්‍රෑම් 400 ක ගුවන් බෝම්බ දෙක යකඩ පිණිස අලෙවි කිරීමට රැුගෙන ගොස් තිබේ.

ප‍්‍රදේශයේ පදිංචි අයකු විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය ගොස් එම ගුවන් බෝම්බ දෙක අලෙවි කිරීමට පෙර සැකකරුවන් හය දෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගුවන් බෝම්බ දෙක ගුවන් හමුදාවේ කෆීර් යානා මගින් හෙලනු ලබන බෝම්බ දෙකක් බවත් කිසියම් හේතුවක් මත එම බෝම්බ දෙක පිපිරී ගොස් නොමැති බවත් පවසන මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය සැකකරුවන් හයදෙනා මාන්කුලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Post a Comment (0)
Previous Post Next Post