වෙඩි වැදුණු නාඹර අලියා සිල් ආරාමය ළඟ ඇද වැටෙයි - අලි වැට මැද්දට දේශපාලනය ඇවිත්


යාල වන සංරක්ෂණ කලාපයේ සැරිසැරූ වයස අවුරුදු තිහක් පමණ වන පිරිමි හස්තියෙකු කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කොට ඇත. හස්තියාගේ වම්පස ප්‍රදේශයේ උදරයට සහ පාදයකට වෙඩි තබා තුවාල සිදු කොට තිබේ. එම ප්‍රදේශයේ හේන් කරන ගොවීන් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් කිරින්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කරයි .

සිතුල්පව්ව ‍ප්‍රධාන මාර්ගයේ කොරගහ උල්පත සිල් ආරාමය අසල ප්‍රධාන මාර්ගයේ වැටී සිටි මෙම හස්තියා ඊයේ (6 වැනිදා) අලුයම හතරට පමණ රොටවල ප්‍රදේශයේ සිට පැමිණ මෙම ස්ථානයේ වැටී මිය ගිය බව හේන් ගොවීහු පවසති.

‍මෙම හේනේ ඉඩම්වලට යන එන මිනිසුන්ගේ සහ යාල වන සංරක්ෂණ කලාපය ආසන්නයේ ජීවත්වන ගම්වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිලෝමීටර් 11 ක අමතර විදුලි වැටක් ඉදිකිරීම් සඳහා සියලු කටයුතු සූදානම් කර තිබියදී හේන් ගොවීන් කිහිප දෙනෙකු සහ දේශපාලනඥයින් එක්ව එම විදුලිවැට ඉදිකිරීමේ කටයුතු අතරමඟදී නතර කර දැමීය. මෙලෙස වන අලි මෙලෙස මියයෑමට හේතුව අලිවැට නොමැතිකම බව යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු මනොජ් වික්‍රමරත්න සඳහන් කළේය.

$ads={2}

වනජීවී පශු වෛද්‍යවරයා විසින් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. අලියාට වෙඩි තබා ඇත්තේ ටී56 වර්ගයේ ගිනි අවියකින් බවත් ශරීරයේ තිබී උණ්ඩ දෙකක් සොයාගත් බවත් පශු වෛද්‍ය ධර්මකීර්ති සඳහන් කරයි.

අමිල සම්පත් ශ්‍රී - තිස්සමහාරාම, ඒ. .ඒ.ප්‍රේමසිරි -තිස්සමහරාම

Post a Comment (0)
Previous Post Next Post