පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කුමණ රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී සොයාගත් මහා පරිමාණ ගංජා හේන්වල තිබූ ගංජා ශාක කිලෝ ග්රෑම් 5788ක් හෙලිකොප්ටර් ගමන්වාර හයකින් අම්පාර ශාස්ත්රවේලි කඳවුර වෙත රැගෙන ආ බව එම බළකාය ඊයේ (6 වැනිදා) පැවසීය.
$ads={2}
මෙම ගංජා හේන්වල තිබී හොඳින් වැඩී තිබූ ගස් විසිදහසක් පමණ සොයාගෙන තිබිණි. පොතුවිල් මහෙස්ත්රාත්වරයා දුන් නියෝගයක් මත මෙම ගංජා තොගය ශාස්ත්රවේලි විශේෂ කාර්ය බළකා කඳවුරේදී නාවින්න ආයුර්වේද සංස්ථා නිලධාරීන්ට ඊයේ (6 වැනිදා) භාර දුන්නේ ඖෂධ නිෂ්පාදනයට යොදාගැනීම සඳහාය.