පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චීන ගණිකා ව්‍යාපාරය පිළිබඳ විමර්ශන සඳහා හොරණ ප්‍රදේශයට යන විටත් එම තරුණිය අතුරුදන්ව ඇති බව ඉහළ පෙළේ ආරංචි කියයි.
මෙම තරුණිය ජාවාරමට සම්බන්ධ චීන ජාතිකයා විසින් සැඟවූවාද? නැතිනම් වෙනත් බලපෑමකට සැඟවූවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මෙරට චීන ව්‍යාපෘතිවලට පැමිණ ඇති චීන ජාතිකයන් දුගී පවුල්වල රූමත් තරුණියන් විවාහ කරගෙන ගොස් චීනයේ රාත්‍රි සමාජශාලාවල ගණිකා වෘත්තියට යොදවා ඇතැයි මීට පෙර හෙළි විය.
$ads={2}
එවැනි තරුණියන් දසදෙනකු ගැන ලද තොරතුරු ඔස්සේ විමර්ශන අරඹන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබිණි.