එකළොස් හැවිරිදි දැරිවියක් අපයෝජනය කිරීමේ ඛේදනීය පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා
එකළොස් හැවිරිදි දැරිවියක් අපයෝජනය කිරීමේ ඛේදනීය පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
රාජගිරිය - කලපලුවාවේ පදිංචි සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරන ඕෂධ නිලාන් නමැත්තෙකු විසින් මෙම දැරිය අපයෝජනය කර ඇති බවයි එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනය කරන්නේ.
අදාළ දැරියගේ දෙමව්පියන් ගොළු පුද්ගලයන් වන බවත් වාර්තා වනවා.
සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරමින් කාලය ගත කරන ඕෂධ නිලාන් නොහොත් ටික්ටොක් කිරි සමන් නමැත්තෙකුගේ මුල්වීමෙන් අදාළ දැරිය අපයෝජනය කර ඇති අතර, 21 හැවිරිදි මොහාන් නමැති කිරි සමන්ගේ මිතුරෙකු ද දැරිය අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන් වට්ස් ඇප් මාර්ගයෙන් මෙම දැරිය හා මිතුරු වී ඇත්තේ, ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ දැන හඳුනා ගැනීමෙන් පසුව යි.
අනතුරුව කිරි සමන් නමැත්තා පසුගිය දෙසැම්බර් මස දිනක රාත්‍රියේ දී අදාළ දැරිය නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් මත්ද්‍රව්‍ය ද පොවා,පසුව දා නිවසට ඇරලවා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඉන්පසුව කිහිප වතාවක් ම මෙලෙස දැරිය නිවසින් බැහැර ව ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති අතර, කිරි සමන් නමැත්තාගේ මිතුරා වන මොහාන් විසින් ජනවාරි මස පළමු වැනි දා අදාළ දැරිය අපයෝජනය කර ඇති බව යි එක්සත් මානව හිමිකම් සංවිධානය සඳහන් කළේ.
අදාළ දැරිය ව කැලණිය, දෙහිවල ප්‍රදේශවල සංවිධානය කෙරුණු සාදවලට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර මේ හේතුවෙන් දැරිය සති 02කට ආසන්න කාලයක් මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.
මෙම අපරාධයට වයස අවුරුදු 19 හා 23 වැනි වයස්වල පසුවන තරුණියන් දෙදෙනකු ද සම්බන්ධ බවයි සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම අපරාධයට වගකිව යුතු ප්‍රධාන සැකකරුවන් වන ඕෂධ නිලාන් ඇතුළු ඔහුගේ සගයා පෙරේදා දිනයේ දී (15) අත්අඩංගුවට ගෙන එළඹෙන 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කෙරුණා.
මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍යය, සමාජයේ ජීවත් වන දරුවන්ගේ ජීවිත බිලිගන්නා මාරයෙක් බවට පත් ව ඇති බවත් තවත් මෙවැනි ඛේදනීය සිදුවීම් රට තුළ දෛනික ව වාර්තා වීමේ තත්ත්වයකට පත් වී ඇති බවත් වහා ම මෙම ටික්ටොක් අත්හිටුවීමට වගකිව යුතු බලධාරින් කටයුතු කළ යුතු බවත් එක්සත් මානව හිමිකම් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
$ads={2}