ලලිත් බීඩියක් සිගරැට්ටුවක් හෝ නොබොන අයෙකි. එවැනි ක්‍රියාවන්ටද තදින්ම විරුද්ධ පුද්ගලයෙකි. බන්ධනගාර තුළට මත්ද්‍රව්‍ය, දුම්වැටි, දුම්කොළ, දුරකතන වැනි තහනම් ද්‍රව්‍ය ගෙන යන්නේ බන්ධනාගාර නිලධාරීන් විසිනි. ඒවායෙන් බන්ධනාගාර නිලධාරීන්ටද අතමිට සරු වන බව ප්‍රසිද්ධ රහසකි. කදුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ ද පැවතියේ එවැනි තත්ත්වයකි. මේ ගැන බන්ධනාගාර නිලධාරීන් සේම ඔවුන් ලවා ආවතේව කරගන්නා රැඳවූවන්ද සිටියේ තමන්ගේම පාලනයකට එම කඳවුර හරවා ගනිමිනි. කඳවුර තුළ සිදුවන මෙම අපරාධ ගැන ලලිත් චමින්ද සිටියේ දැඩි අවධානයෙනි. ඔහු මේ ගැන බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට දැනුම් දී තිබුණි. එනිසා දූෂිත බන්ධනගාර නිලධාරීන් සහ ඊට උඩගෙඩි දෙන රැඳවූවන් ලලිත් සමග පසුවූවේ දැඩි කෝපයෙනි. ඒ කෝපය අවසන් වූයේ පසුගිය 13 වැනිදා හෝ ආසන්න දිනයකදී ලලිත් චාමින්දට පහරදී ඝාතනය කිරීමත් සමගය.
මම අන්තිම වතාවට තාත්තා බලන්න ගියේ පහුගිය දෙසැම්බර් 02 වැනිදා. "වැඩවැඩියි පුතේ.. සල්ලි දෙනවනම් වැඩ අඩුවෙන් දෙන්නම් කිව්වා.මෙතන හැමදේම වෙන්නේ සල්ලි වලට පුතේ යැයි තම පියා අවසන් වරට සඳහන් කළ බව මියගිය ලලිත් චාමින්දගේ දියණිය වන දිලානි මංජුලා පැවසුවාය. මට පසුගිය 09 වැනිදා බන්ධනාගාරයේ නිලධාරියකු කතා කරල තාත්තාව සම්බන්ධ කරල දුන්නා. එයා ආපහු රෑට ගන්නම් කියලා කිව්වත් මම රෑට ගන්න එකට කැමති වුණේ නැහැ. යැයි මියගිය ලලිත් චාමින්දගේ දියණිය තව දුරටත් සඳහන් කළාය.
පසුගිය 10 වැනිදාත් මට දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ කතා කළේ තාත්තා. හැබැයි ගොඩක් හෙමින් එයා කතා කළේ. කටහඬවත් ඇහුණේ නැහැ. ඔයාට මාව ආය බලන්න වෙන්නේ නැහැ දුවේ කියලා එයා කිව්වා. පස්සේ ඇමතුම කට් වුණා. ඒ අංකයට ආය කතා කළත් සම්බන්ධ කරගන්න බැරිවුණා. ඒ ඇමතුමෙන් දවස් තුනකට පස්සේ එයා හිරෙන් පැනලා ගිහිං කියලා කිව්වා.. පස්සේ කනංකේ පොලිසියෙන් කතා කරල කිව්වා තාත්තා මැරිලා කියලා.මම ගියා ඉස්පිරිතාලෙට තාත්තාව බල්ලෙක් වගේ ගහල මරල දාල තිබුණා.මම එක හෙලා කියනවා තාත්තාව ඝාතනය කරල කියලා. කුඩු, සිගරට් ගේන විදිහ තාත්තා කියලා ලොකු අයට. ඒ නිසා මරලා තියෙන්නේ. මම දැක්කා තාත්තගේ යටිපතුල්වලින් ලේගලනවා. ඒවගේම නිල්වෙලා. මගේ තාත්තට සාධාරණයක් කරන්න යැයි ඇය කියා සිටියාය.
$ads={2}
තම පියාට වූ අසාධාරණය ගැන දිලිනි හෙටිටිගේ විසින් පොලිස්පතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව අටක් වෙත යවන ලද ලිපියක් මගින් මෙලෙස අවධාරණය කර තිබේ.
තාත්තා 2021 මාර්තු මාසයේ දී සිරගත කළාට පස්සේ පවුලේ බර දරන්න සිදුවුණේ අම්මාට. තාත්තා බලන්න බන්ධනාගාරයට නිතර නිතර යන්න සිදු වුණේ මටයි. ඒ නිසා එළිමහන් කඳවුරේ සේවයේ නියුතු ජේලර් මහත්වරු හා නිලධාරින් කීප දෙනකු හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ මහත්වරු තාත්තට යම් යම් උදව් කිරීමටත්, ඔවුන්ගේ දුරකතනයන් භාවිත කරමින් අපේ ගෙදරට කතා කිරීමටත් අවස්ථාවන් ලබා දුන්නා. එම නිලධාරීන්ගේ ඉල්ලීම අනුව එම දුරකතනයන් සඳහා මා විසින් රීලොඩ් කළා. සමහර අවස්ථාවලදී ඒ මහත්වරුන්ගේ දුරකතනයන්ගෙන් තාත්තා වීඩියෝ කෝල් පවා අරගෙන කතා කළ අවස්ථාත් තිබෙනවා. සමහර අවස්ථාවලදී නිලධාරීන් මගෙන් මුදල් ඉල්ලුවා, අපහසුවෙන් වුවත් අවස්ථා කිහිපයක දී මම මුදල් ලබා දුන්නා.
මේ නිලධාරින් අතරින් මංජු සහ චන්දන කියන අය තාත්තට උදව් කරන මුවාවෙන් මගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමේ උත්සාහයක් ඇති බව මට දැනුණා. 2022 වර්ෂය උදාවත් සමගම වරින් වර අනවශ්‍ය කෙටි පණිවුඩ එවන්න ගත්තා. මං කෙටි පණිවුඩවලට එරෙහිව කටයුතු කළේ නැහැ මගේ තාත්තට මේ නිලධාරින්ගෙන් හිරිහැර කරදර වේය යන බිය හා සැකය නිසා. අනතුරුව චන්දන කියන ජේලර් මහතා මට පසුගිය 09 වැනිදා දුරකථන ඇමතුමක් අරන් මගේ දුක සැප විමසා රෑ වෙලා මට ගන්නම් කියා පෝන් එක කට් කළා. මංජු මහත්තයත් එදාම මට කථා කළා. මං ඒ මහත්තයට ඒ වේලාවේ කිව්වා මම විවාහක දරුවො ඉන්න අම්ම කෙනෙක්, මම ඔය මහත්තුරු සමග සුහදව කථාබස් කළේ මනුස්සකමට මට කරදර කරන්න එපා කියලා. එවිට ඔහු හරි බලාගන්නම් කියා දුරකථනය විසන්ධි කළා.
ඉන්පසු මම මංජු මහත්තයට මැසේජ් එකක් දැම්මා අපේ තාත්තට මේ ගැන කියන්න එපා කියා. මා එවැනි මැසේජ් එකක් දැම්මේ මාගේ තාත්තා බන්ධනාගාර නිලධාරින් සමග ගැටුමක් ඇති කරගනියි කියන බියටයි .10 වැනිදා දවල් කාලයේ, මාගේ තාත්ත අංක 070-5882314 දරන ජංගම දුරකථනයෙන් මට කෝල් එකක් අරන්, මොකද වුණේ, මට කවුද මොනවද කීවෙ කියා කේන්තියෙන් ඇහුවා. ඒ නිසා ඒ සිදුවීම තාත්තට කෙටියෙන් කියා, මීට පස්සෙ ජේලර් මහත්වරුන්ගේ දුරකථනවලින් මට කෝල් ගන්න එපා, එහෙම කෝල් ගත්තොත් මගේ පවුල් ජීවිතය අවුල් වෙන්න පුළුවන් කියාත් කීවා. 10 වැනිදා රාත්‍රී 08.55 ට අංක 0770213880 දරන ජංගම දුරකථනයෙන් තාත්තා මට කතා කළා, තාත්තා ඒ වෙලාවෙ රහසින් හෙමින් කතා කළේ, කථා කරන ඒවා හරියට ඇහුනෙ නෑ. තාත්තා වෙනදා කථා කරන විට ශබ්දය නගා සිනාසී කථා කරනවා. මට ඒ මොහොතෙත් හිතුනා තාත්තට කරදරයක් තමයි කියා. ඉන් පස්සෙ තාත්තා මට කථා කළේ නෑ. ජනවාරි 13 වනදා හවස සුල්තානාගොඩ පිහිටි මාගේ නිවස අසලට පැමිණි කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරෙහි සේවයේ නියුතු සුනිල් මහතා මට කිව්වා මගේ තාත්තා අද දවල් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව.පසුව මගේ තාත්තා මට කථාකළ සෑම දූරකථනයකටම කථා කළත් කිසි නෙකකු දුරකථන ආන්සර් කළේ නෑ. එහෙත් කීප විටක් උත්සාහ කිරීමෙන් පස්සෙ චන්දන මහත්තය දුරකතනය ආන්සර් කළා, ඔහුගෙන් තාත්තා ගැන ඇසුවාම ඔහු කීවා මගේ තාත්ත 13 වනදා දවල් 11.00ට විතර උදැල්ලත් අරගෙන පැනල ගිහිල්ලා, කොහි ගිහිල්ලද දන්නෙ නෑ කියලා. ඊට පස්සෙ ජනවාරි 14 වනදා උදේ දැන ගන්න ලැබුණා මගේ තාත්තට පහරදී මරලා, ඇඹිලිපිටිය රෝහලට ගෙනහින් දමලා කියා. මගේ තාත්තගෙ මරණ පරික්ෂණය කළේ කරාපිටිය රෝහලේ, ඇඟ පුරාම සීරීම් සහ තැලීම් සලකුණු තිබුණා, බන්ධනාගාර නිලධාරින් කියන්නේ මගේ තාත්ත එළිමහන් සිර කඳවුරෙන් 13 වනදා දවල් කාලයේ උදැල්ලත් රැගෙන පැන ගොස් ඇති බවත්, ගමේ මිනිසුන් අල්ලා පහරදීමේදී මාගේ තාත්තා මිය ගොස් ඇති බවයි. මගේ පියාට එළිමහන් සිර කඳවුරෙන් පැන යෑමට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මා සමග ජනවාරි 10 වනදා අවස්ථා දෙකක් දුරකථනයෙන් තාත්තා කතා කළා, තාත්ත චන්දන මහත්තය සහ මංජු මහත්තයා සමග කේන්තියෙන් හිටියෙ.
මේ සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කළේ අරුණ, වෙබ් අඩවිය හරහායි. මේ ඝාතනය සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් විශේෂ නිලධාරියෙකු කදුරුගස්ආර එළිමහන් සිරකඳවුර වෙත පිටත් කර හැරීමට පියවර ගත්තේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස්ගේ ඍජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියත් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයත් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.