ආහාර හිඟයක් ඇති වුවහොත් අවශ්‍ය ආහාර වර්ග විදෙස් රටවල්වලින් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
$ads={2}
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ලංකා පොස්පේට් සමාගමට වසර 50ක් පිරීම නිමිත්තෙන් අද (ජන. 5) පැවති උත්සවයකදී ය.
ආහාර හිඟයක් ඇති වන බවට රට තුළ නිකරුනේ ''ගෝනි බිල්ලන්'' මවන බව ඔහු පැවසීය.
"ආහාර හිඟයක් ඇති වෙනවා. රටේ ආහාර සුරක්ෂිභාවය ගැන කතා කරනවා බොහෝ දෙනෙක්. දැන් ඩුබායිවල ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළොත් මොනවා ද කියන්නේ? එක හාල් ඇටයක් නිෂ්පාදනය කරනවා ද ඩුබායි? සිංගප්පූරුවේ? ඩුබායිවල මිනිස්සු බඩගින්නේ ඉන්නවා ද? සිංගප්පූරුවේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා ද? ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් දැනුත් අපි පිට රටින් ගේනවා ආහාර වර්ග. අපි අඩු පාඩු ටික ගේන එකයි තියෙන්නේ. ඒ නිසා නිකම් ගෝනි බිල්ලෝ මවනවා මේ රටේ. "