පුතාගේ දෙවැනි ගමන දා තාත්තා මනාලියගේ මව සමග පෙම් සුවයේ


මෙම පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ ගමක ජීවත්වන මැදිවියේ පසුවන ව්‍යාපාරිකයෙකි. ඔහුට ව්‍යාපාරික ස්ථාන කිහිපයක් හා තේ පැළ තවානක්ද, අක්කර 3ක පමණ තේ වත්තක්ද ඇති බැවින් මුදල්වලින් අගහිඟයක් නොවීය. තම එකම පුතාට හොඳින් අධ්‍යාපනය ලබාදීමට මෙම පුද්ගලයා හා ඔහුගේ බිරිඳ කටයුතු කළ අතර පුතා මේ වනවිට උසස් අධ්‍යාපනය නිමකර පෞද්ගලික බැංකුවක උසස් රැකියාවක නිරත අයෙකි.

කලවයස හරිගියද ඔහු විවාහයක් ගැන එතරම් තැකීමක් නොකළ අතර දෙමාපිය්නගේ දැඩි ඉල්ලීම මත විවාහයක් සඳහා කැමැත්ත පළ කළේය. ඒ අනුව පුතාගේ රැකියාවට ගැළපෙන, ඉවුම් පිහුම් හොඳින් දන්නා සුරූපී තරුණියක් තම පුතුගේ සහකාරිය ලෙස සොයාදෙන ලෙස කපු මහතකුට දැන්වීය.

මෙම ඉල්ලීමට අනුව යෝජනා කිහිපයක් ලැබුණත් ඒ එකකටවත් පුතාගේ එතරම් කැමැත්තක් නොලැබීම දෙමාපියන්ට තරමක ගැටලුවක් විය. දිනක් පුතු පවසා ඇත්තේ පියාද නොමැතිව මවගේ සෙවණේ හැදී වැඩුණු එක් තරුණියක් කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බවයි. එම ඉල්ලීමට අනුව දිනයක් නියම කර මව හා පියාද සමග පුතා ඇයගේ නිවසට ගොස් ඇත්තේ මේ කටයුත්ත සුදුසු එකක්දැයි සොයා බැලීමටය. තරුණියගේ මව හා ඥාතීන් මෙම පිරිස් පිළිගෙන හොඳින් සලකා ඇත. තරුණයාගේ පියා මෙම විවාහයට එක පයින්ම සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම තරුණියගේ මවද සුරූපී තැනැත්තියකි. අවසානයේ මඟුල කිරීමට තීරණය විය.

-සුනිල් පියතිලක-කුරුවිට

Post a Comment (0)
Previous Post Next Post