හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන ‘අතන මෙතන’ සිටින ‘තුප්පැහි’ පුද්ගලයන් එක්කරගෙන බලවේග නිර්මාණ කළද ඔහු දකින සිහින සැබෑ කරගත නොහැකි බව සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවැසීය. එසේම හිටපු ජනාධිපතිවරයා සමග සමගි ජන බලවේගයට ඉදිරියේදී කිසිදු දේශපාලන ගමනක් නොමැති බවද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය. ඊයේ (10 වැනිදා) පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
$ads={2}
මෛත්රි එක්කනම් අපිට කිසිම ගමනක් නැහැ. අපි එයාට අතීතය මතක් කරලා දෙන්න ඕනෙ. බෝම්බ ගහනකොට එයා රටේ හිටියේ නෑ කියලා ඇඟ බේරගන්න බැහැ. එහෙනම් මම හැම වෙලාවෙම වවුනියාවෙ හිටගෙන හිටියෙත් නැහැනේ. මම හුඟක් වෙලාවට හිටියේ කොළඹනේ. එහෙම හිටිය කියලා යුද්දේ වෙච්ච දේවල්වලට මම වගකියන්නේ නැද්ද? ඒ කාලේ කිව්වෙ එහෙම නෙමෙයිනෙ, ‘‘මම ආවෙ තාවකාලිකව, මේක අහෝසි කරලා පොළොන්නරුවට ගිහින් කුඹුරු කොටනව’’ කියලයි කිව්වෙ. දැන් ඒක අමතක වෙලා. දැන් වෙන වෙන ඒවා කොටන්න හදනවා. තාමත් හිතනවද දන්නේ නැහැ එයාට මේ රටේ මිනිස්සු අන්දන්න පුළුවන් කියලා.’’
-නයන තරංග ගමගේ