මට නම් තාම හූ කියලා නැහැ - හූ කියවන්නත් බැරි නැහැ...


‘‘මට නම් තාම කවුරුත් හූ කියලා නැහැ. ඉදිරියට හූ එයිද දන්නෙත් නැහැ. කවුරු හරි දම්මලා අපට හූ කියවන්නත් බැරි නැහැ. මට හූ කිව්වොත් මම නම් කරන්නේ මගේ ආරක්ෂක නිලධාරීන් ලවා ඒ අය අල්ලගන්න එක නෙවෙයි. ඒ අය ළඟට ගිහින් ඒ අයගේ ප්‍රශ්න මොනවද කියලා හොයලා බලන එකයි’’ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (02දා) කොළොන්නාවේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයාගේ පක්ෂ කාර්යාලයේ පැවැති කොට්ඨාස සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදී‍මේ උත්සවයේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය. ‘‘මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලය තුළ වීඩියෝවක් ෂෙයාර් කරපු කාන්තාවක් සී.අයි.ඩී. එකට කැඳවලා තියෙනවා. කිරිපිටි, ගෑස්, භූමිතෙල් පෝලිම්වල දවසම රස්තියාදු වෙන ජනතාවට ඇතිවන ආතතියත් සමග ආණ්ඩුවට හූ කියන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ප්‍රේමදාසලාට නම් අත්පුඩිත්, විවේචනත්, හූවත් පුරදුයි. අපට දරා ගැනී‍මේ ශක්තියත් ඉවසීමත් තියෙනවා.

අපට හූ කිව්වොත් අපි කැඩපතක් ඉදිරියට ගිහින් බලලා අපේ වැරදි අඩුපාඩු හදා ගන්න එක තමයි පරිණතකම. මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂ නායකයකුට ජාත්‍යන්තර ආධාර ලබාදෙන්න සංවර්ධන වැඩ සඳහා. අපි බලය ගන්න ඉස්සර වෙලා සැලසුම් හදලා ජනතාවට වැඩ කරනව. අපි වැඩ පෙන්නන්නේ ආණ්ඩු බලයක් නොමැතිව විපක්ෂයේ ඉඳගෙනයි’’

Post a Comment (0)
Previous Post Next Post