වයස අවුරුදු හතක් සහ හයක් වන සිය දියණිය සහ පුතා නිරුවත් කර ගස් බැඳ ශරීරයේ මිරිස් ගල්වා පියා විසින් පහර දෙනු ලැබීමේ අමානුෂික සිද්ධියක් හේතුවෙන් හැටන් කුඩාගම ගම්මානය කම්පාවට පත්ව තිබේ.
$ads={2}
ඊයේ (02 වැනිදා) සවස මෙලෙස වධ බන්ධනයට ලක් වෙමින් සිටි දරුවන් දෙදෙනාගේ කෑ මොර ගැසීම හා හඬා වැටීම ඇසී පැමිණි ප්රදේශවාසීන් ඔවුන් ඉන් ගලවා ගෙන ඇත.
මීට ගොදුරු වී ඇත්තේ දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ කුඩාම දරුවන් දෙදෙනාය.
ඔවුන් පදිංචිව සිටින්නේ හැටන් කුඩාගම ජනපදයේ සමගි මාවතේය. මෙම පවුලේ වැඩිමහල් ගැහැනු දරුවාගේ වයස අවුරුදු 11 වන අතර අනෙකුත් ගැහැනු දරුවෝ දෙදෙනා අවුරුදු 8 හා 7 වයස්වල පසු වෙති. පිරිමි දරුවාගේ වයස අවුරුදු 6 කි. කුඩා දරුවන් දෙදෙනා අසල වූ වෙළෙඳසලකට යැවූ අවස්ථාවේ කුඩා දරුවා දර මිටියක් රැගෙන ආ සිද්ධියක් මුල්කර ගනිමින් මෙලෙස වධහිංසා පැමිණ වූ බව බිරිඳ පවසා ඇත. දරුවන්ට මිරිස් අතුල්ලන ලෙස තමන්ට ද පැවැසූ බවත් ඇය කීවාය.
නිතර බිමත්ව පසුවන මෙම පුද්ගලයා සිය බිරිඳට හා දරුවන්ට නිතර පහර දෙන බව ප්රදේශවාසීහු පවසති. එක් අවස්ථාවකදී දියණියකට පහර දී අසල ළිඳකට දමා තිබියදී අලුයම දෙකට පමණ බේරා ගැනීමට කටයුතු කළ බවත් ප්රදේශවාසීහු කීහ.