ශුභවාදී ඵලදෙයි. රාජකාරිවල ප්‍රබෝධමත්ව යෙදේ. සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. මහජන ප්‍රසාදයට පත් වෙයි. තම ව්‍යාපාර වලද පැහැදිලි දියුණුවකට හේතුයි. සිරස ගත රෝග මතු වේ.
වෘෂභ
සැහැල්ලූවෙන් දවස ගෙවයි. දවසේ කි‍්‍රයාකාරකම් වල තරමක් වෙහෙසව යෙදේ. ප්‍රීති උත්සව සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. නවක මිතුදම් වර්ධනය වෙයි. හදිසි ධනලාභ දෙයි. මුත්‍රා ආසාදන රෝග මතු වේ.
මිථුන
කි‍්‍රයාශීලී දිනකි. ගමන් බිමන් වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. පොදු සේවා කි‍්‍රයාවන්හි යෙදේ. ව්‍යාපාර වලද පැහැදිලි දියුණුවක් පෙනෙන අමතර ලාභ ලබන දිනකි. සන්ධි රෝග වාතාධික රෝග මතු වේ.
කටක
ප්‍රබෝධමත්ව දවස කි‍්‍රයා කරයි. නිවස තරමක උත්සවශ්‍රියාවක් මතු කරයි. ගමන් බිමන්ද බහුල වන අතර ප්‍රසාදයට පත්වන දිනකි. මිතුරන් අතර මූලික වෙයි. හදිසි ලාභද දෙයි. සෙම් කෝප රෝග මතු වෙයි.
සිංහ
ශුභවාදී ඵල මතු කරයි. රැකියාවන්හි ප්‍රබෝධමත්ව කි‍්‍රයාත්මක වෙයි. ප්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. වැයපස ඉහළ යන දිනකි. හදිසි ලාභද ගෙන දෙයි. මුත්‍රා ආසාදන මතු කරයි.
කන්‍යා
ශුභවාදී ඵල මතු කරයි. රැකියා ස්ථාන වල ප්‍රසාදයට පත්වෙයි. නව මිතුදම් ඇති වෙයි. ප්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සෙම් කෝප රෝග මතු වේ.
තුලා
ශුභාශුභ ඵලදෙයි. තරග තුරගාදියෙන් ජය ලබයි. තම ව්‍යාපාර වල දියුණුවක් පෙනේ. තැන්පත් ධනය තරමක් වැයවන අතර සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. අක්ෂි රෝග, මුඛ රෝග මතු කරන දිනකි.
වෘශ්චික
ශුභවාදී ඵලමතු කරයි. ගමන් බිමන් අධික දිනකි. නීතිමය ගැටලූ සාර්ථකව විසඳේ. ඉඩකඩම් ලාභ ලැබීම් මූලික කටයුතු යෙදේ. හදිසි ධන වාසනා එල්ල වන දිනකි. පාදවල පීඩා මතුවෙයි.
ධනු
ශුභාශුභා මිශ්රඵල අලස ගති මතු කරන අතර තම නිවසේ අලංකාර කටයුතු වල යෙදේ. නිර්මාණකරණයටද යොමුවෙයි. සතුරු බලපෑම් මත කලකිරීම් මතු වෙයි. පෙනහළු ආසාදන මතු වේ.
මකර
ශුභාශුභ ඵලදෙයි. දුරස්ථ වූ මිතුරන් සමීප කරවන කි‍්‍රයා යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරයි. නිර්මාණකරණයෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.
කුම්භ
තරමක් කලකිරීම් ඇති කරන ප්‍රශ්න මතු වේ. ගමන් බිමන් සීමා වෙයි. තැන්පත් ධනය වැය වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කරයි. දහමටද ලැදිව කි‍්‍රයා කරයි. ආමාශ ගත රෝග වලට හේතුයි.
මීන
$ads={2}
සාමාන්‍ය දිනකි. හුදකලාව දවස වැඩි කලක් ගෙවයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතු කරයි. පොදු සේවා කටයුතු සමාජ සත්කාර ක්‍රියා ආදියෙහි යෙදෙන දිනකි. පපුව ආශ්රිත රෝග මතු කරයි.