නමුත් පසුව සිදුකළ පරීක්ෂණ අනුව එකී රියදුරු කලක් තිස්සේ මෙම ගිලන් රථය උපයෝගයෙන් මහා මත්කුඩු ප්රවාහන ජාවාරමක් සිදු කර ඇති බවත්
එහි ඇතිවූ කිසියම් ගැටලුවක්මත වෙඩි ප්රහාරය සිදුව ඇති බවත් අනාවරණය කරග්නට පොලිසිය සමත්ව තිබේ.ඒ අනුව පැමිණිලිකාර ගිලන් රථ රියදුරා ඊයේ (03) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි.
කළුතර උතුර , තොටුපොළ පාරේ පදිංචි සැකකරු 48 හැවිරිදි තිදරු පියකු බවත් , පළමු කසාදයෙන් වෙන්වී අනියම් බිරිඳ සමග හොරණ වවුලුගල ප්රදේශයේ පදිංචිව සිටින අතරතුර ප්රධාන මත්කුඩු ජාවාරමට සම්බන්ධවූ බවත් පාපොච්චාරණය කර තිබේ.
$ads={2}
ඉකුත් ජනවාරි 27 දා දහවල් ගැබිනි කාන්තාවක පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල වෙත රැගෙන එමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු පානදුර මූලික රෝහලේ ප්රලධාන දොරටුව ඉදිරිපිට මග හරස් කොට සැකකරුට වෙඩි තැබීමට උත්සාහ දරා තිබූ නමුත් ඔහුට වෙඩි වැදුනේ නැත.
සැකකරු 2018 වර්ෂයේ සිට පානදුර කේතුමතී රෝහලේ රාජකාරි කර ඇති අතර වසරකට අධික කාලයක සිට දිවයිනේ ස්ථාන රැසක සිට මත්කුඩු කිලෝ සියයකට අධික ප්රමාණයක් සිය ගිලන් රථයෙන් ප්රවාහනය කරමින් මත්කුඩු ජාවරමට ප්රධාන හවුල් කාරීත්වයක් සපයා ඇත.
මොහුගේ ගිලන් රථයේ රෝගීන් ගෙන යන නිසා කිසිම අවස්ථාවක පොලිස් මාර්ගබාධකයක හෝ හමුදා මාර්ග බාධකයක පරීක්ෂාවට හසු නොවීමේ වාසිය මොහුගේ ජාවාරමට රුකුලක්වී ඇත.
එදින ප්රහාරයට අදාළ යතුරුපැදිකරුවෙකු සහ පසු පාපැදිකරුවෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර
අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් මත්කුඩු ග්රෑම් 10 ක් ද පොලිසිය සොයාගෙන තිබේ.
අනෙක් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනින් මුදල් සංචරණය වූ බැංකු පාස් පොත් කිහිපයක් ද , ජාවාරමට අදාළව සිදුකරන ලද දුරකථන ඇමතුම් වාර්තා ද සොයාගෙන ඇත.
සැකකරු කලක පටන් සිදුකර ඇති ජාවාරම සඳහා උසස් නිලධාරීන්ගේ සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ කිහිපදෙනකුද සහයෝගය දක්වා ඇති බවත් , ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි .
පෙරපුවත - ගිලන් රථ රියැදුරුට වෙඩි පිට වෙඩි ජනතාව හිස් ලූ ලූ අත දුවති..