ඉතිහාසයේ පළමු වරට පරිශීලකයින් ෆේස්බුක් හැර යයි...

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම පළමු වරට වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230 ක්. එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි. 

ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් සියයට 26 යි දශම 4 කින් මෙහිදී පහත වැටී තිබෙනවා. 

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර 18 ක ඉතිහාසයේ පළමු වරට දෛනික ෆේස්බුක් සක්‍රිය පරිශීලකයින් පහත වැටීමයි. මේ හේතුවෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 31 කින් පහත වැටී තිබෙනවා. 

$ads={2}

එය යුරෝපියානු රටක් වන එස්තෝනියා රාජ්‍යයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට සමානයි. සකර්බර්ග්ගේ ආදායම අඩුවීමත් සමඟ 2015 වසරෙන් පසු පළමු වරට ඔහු ලොව ප්‍රකෝටිපතියන් දස දෙනාගේ ලැයිස්තුවෙන් ද ඉවතට විසිවී තිබෙනවා.

ටික්ටොක් සහ යූ ටියුබ් ඇතුලු ප්‍රතිවාදී වෙනත් සමාජ මාධ්‍ය ජාලයන්හි තරඟකාරීත්වය හමුවේ මෙලෙස ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් බිඳවැටීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම තරඟකාරිත්වය හේතුවෙන් ෆේස්බුක් වෙත දැන්වීම් ලබාදීමද අඩුවී ඇතැයි සඳහන්.

Post a Comment (0)
Previous Post Next Post