ඔහු සිය කාර්යමණ්ඩලය අමතා ප්‍රකාශ කර ඇත්තේ තම ආත්ම ගරුත්වය පිළිබඳ සිතා නිහඬවීමට දැන් කාලය එළෙඹ ඇති බවයි. කිසියම් අක්‍රමිකතාවක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් පිළිතුරු දීමට විවිධ කොමිෂන් හමුවේ පෙනී සිටීමට තමාට නොහැකි බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසා ඇතැයි ද සඳහන්.
අප විසින් ඉකුත්දා අනාවරණ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිලිබඳව ද රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය කණස්සල්ල පළ කර ඇතැයි සඳහන්.
$ads={2}
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත්දා විවෘත කෙරුණු මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස විවෘත කිරීමේ උත්සවයටද රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහභාගි වී සිටියේ නැහැ. අප වෙත වාර්තා වන පරිදි රාජ්‍ය අමාත්‍යවරයා ළඟදීම ජනාධිපතිවරයා මුණගැසී සිය තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති.
මේ අතර අපද අනාවරණය කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස වන රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබාදී තිබෙනවා.
ඒ අනුව එහි සැලසුම් සැකසීම, ඉදිකිරීම ආදී කරුණු සඳහා දැනට ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් ඉදිරියට ගෙන යන ලෙසටයි මුදල් අමාත්‍යංශය දන්වා ඇත්තේ. මීට අමතරව මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන කොටස ඉදිකිරීම සඳහා අදාළ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල සාකච්ඡා කමිටුවක් ද පත් කිරීමට මුදල් අමාත්‍යංශය සිය නිර්දේශ ලබාදී තිබෙනවා.