රැකියා කරන බව ගෙදරට බොරු කියා ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වැඩ වරදී


කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ රැකියා කරන බව තම නිවෙස්වලට ප‍්‍රකාශ කරමින් ප‍්‍රදේශයේ නේවාසිකාගාරවල රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන්තාවන් 05 දෙනෙකු කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 02 වැනිදා රාත‍්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, ඒත්තුකාළ ප‍්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වා ගෙන යනු ලබන සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් මොවුන් පිරිස මෙසේ ගණිකා වෘත්තියේ නියැලී සිටියදී පොලිස් උපාය දූතයකු යොදා ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

$ads={2}

අවුරුදු 28, 36, 33, 40 සහ 46 යන වයස්වල පසුවන මොවුන් පුත්තලම, මහියංගනය, මහනුවර, රත්නපුරය සහ දංකොටුව යන ප‍්‍රදේශවල ස්ථිර පදිංචිය ඇති දරුවන් සිටින විවාහක කාන්තාවන් පිරිසකි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම කාන්තාවන් පිරිස (03 දා) දින මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

Post a Comment (0)
Previous Post Next Post