4 වෙනියා නොවන බව ඔප්පු කරන්න ගියාට පුෂ්පිකාගෙන් තර්ජන - ධනු පොලිසි යයි


පසුගිය වසරේ ආන්දෝලනයක් ඇති කරමින් විවාහක රූ රැජිණ කිරුළු ගැලවී යළි පිහිටුවාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය ගැන දැන් දැන් අපූරු තොරතුරු පළවේ.

ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා තමන් ඡන්දෙ ඉල්ලන්නද කැමති බව කියා සිටි ඇයගේ හැසිරීම් දේශපාලකයින්ගේ ගාණට දැන් වැටී ඇත. ඇය ගැන දෙවනුව වාර්තාවූයේ ලොහාන් රත්වත්තේ හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති සමග වැලිකඩට ගිය කතාවකි. එම කතාව බොරුවක් යයි කියමින් ඇය නැවත මාධ්‍ය ඉදිරියට පැමිණ තිබුණි.

තෙවනුව ඇය මාධ්‍ය කළඹන්නේ ඇමරිකාවේ ලෝක රූ රැජිණ අවසන් තරගයෙන් ඇය 4 වැනියා යයි කියන්නට යාමෙනි. ඇය එම තරගයේදී  අවසාන 6 ට තේරුන බව සත්‍යයක් වන නමුත් අවසාන 6 න් 3 ක් ඉවත් කිරීමේදී ඒ තුන් දෙනාට ස්ථාන පිරිනැමීමක් නොකෙරේ.නමුත් ඇය තමා 4 වැනියා යයි කියන්නේ ජයග්‍රහණයට ආසන්නට ගිය බව රටට කීමටය. එහි විශාල දෝෂයක් නොවෙතත් දේශපාලකයින්ගේ කතා සිහිගන්වන ප්‍රබන්ධයක් එහි තිබුණි.

4 වැනියා කියා බොරු කී බවට ඇයට චෝදනා එල්ලවූ පසු ඇය නිහඩව සිටි නමුත් පසුගියදා චමුදිතගේ යූටියුබ් නාලිකාවට පැමිණ එය පැහැදිලි කළාය. පසුව ඇය තමන්ගේ ජයග්‍රහණය වැළකූයේ හිටපු ‘නාකි විවාහක රූ රැජිණක් ‘ යයි රෝසි සේනානායක මහත්මියගේ නම නොකියා හැඟවෙන ආකාරයට කතා කර තිබුනි. මෙම ප්‍රකාශය නිසා රෝසි මහත්මිය අදාළ නාලිකාවන්ට එරෙහි නීතිමය පියවර ගන්නට යන කතාවක්ද වාර්තා විය.

කෙසේ වෙතත් කැරොලයින් ජූරි පසුගිය වසරේ පුෂ්පිකාගේ කිරුළ ගලවද්දී පුෂ්පිකාගේ පැත්තට කතා කර තිබුනේ රෝසි මහත්මියයි.

දේශපාලකයින්ද මුල අමතක කරන ජාතියේය.

$ads={2}

පුෂ්පිකා ගැන අලුතින්ම වාර්තාවන සංසිද්ධිය තවත් ‘දේශපාලන හැසිරීමක්‘ හා සමාන වේ. ඇය ඊයේ ‘ධනුට කියන්න‘ යූටියුබ් අංගය නිසා ප්‍රකටවී සිටින විජය මාධ්‍ය සමූහයේ නිවේදක  ධනූ ඉනසිතම්බිට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තාවන අතර ඔහු ඒ ගැන කියන්නට මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද යොමු කර ඇත

ලෝක රූ රැජිණ තරගයේ පුෂ්පිකා ඇත්තටම 4 වෙනියාද යන්න විමසීම සඳහා  ඇමරිකාවේ Mrs. World ආයතනයේ උප සභාපතිනි ටානා ජොන්සන් මහත්මිය සම්බන්ධ කරගෙන වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ධනු කටයුතු කර තිබුන අතර එය ඩේලි මිරර් වෙබ් අඩවියේ සජීවීව විකාශයවී තිබේ.

මෙම සත්‍ය හෙළිවීම ගැන කේන්තියෙන් ඇය තර්ජනය කර ඇතැයි ධනූ ඊයේ රාත්‍රියේ මිරිහාන පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 පුෂ්පිකා ද සිල්වා මහත්මිය මිරිහාන පොලීසියට මේ ගැන විමසීමට කැදවනු ඇතැයි වාර්තා පළව තිබේ.

Post a Comment (0)
Previous Post Next Post