අනාවැකිය
ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට මෙරට ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
මේවන විට වාර්තාවන ආසාදිතයන්ගෙන් 95%ක ප්‍රමාණය ඔමික්‍රෝන් ආසාදිතයින් බව යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පසුගිය දා සඳහන් කළේ.
එවන් පසුබිමක විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා විසින් භයානක අනාවැකියක් පළ කොට තිබෙනවා.
ඔහු පවසන්නේ තවත් දින ගණනකින් මෙරට ජනතාවගෙන් බහුතරයකට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීම නිශ්චිත ලෙසම සිදුවන බව යි.
එය මෙම මස (පෙබරවාරි) අගවන විට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කරනවා.
ළමුන් අතර පැතිරීම..........
මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීග්‍ර පැතිරයාමට සමගාමීව කොවිඩ් ආසාදනය වී රෝහල්ගතවන දරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වූවා.
ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද ඒ බව තහවුරු කළා.
එම විද්‍යායතනයේ ලේකම්, ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළේ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ද ළමා කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනෙන වැඩි වීමක් ඇති බව පෙන්වන බව යි.
ළමා රෝහල තුළ මීට සති කිහිපයකට පෙර ළමා කොවිඩ් ආසාදිතයන් 20ක පමණ ප්‍රමාණයක් සිටි නමුත් මේවන විට එම ගණන 50 ඉක්මවා ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා.
$ads={2}
“කළලයට බලපාන හැටි කවුරුත් දන්නෙ නෑ”..........
මේ අතර කාසල් වීදියේ කාන්තා රෝහලෙහි විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන්ගේ ද වැඩිවීමක් දක්නට ලැබෙන බව යි.
මෙවන් පසුබිමක සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ ගර්භනී මවකට කොවිඩ් ආසාදනය වීම හරහා කළලයට සිදුවන බලපෑම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිශ්චිතව ප්‍රකාශ කොට නොමැති බව යි
ඒ අනුව මෙය අනාගතයට ද බලපාන ගැටළුවක් වී ඇති බව එම සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී වාසනා ලියනගේ මහත්මිය පෙන්වා දුන්නා.
වැඩි වෙන කොවිඩ් මරණ............
මේ අතර පවතින තත්ත්වය යටතේ කොවිඩ් මරණ ගණන ද අනිවාර්යයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානී මහතා ප්‍රකාශ කළා.
ජනතාව සිය වගකීම ඉටුකොට එන්නත් ලබාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම අනුගමනය කළ හොත් එම ව්‍යසනය වළක්වාගත හැකි බව ද ඔහු සඳහන් කරනවා.
පෙබරවාරි අගවන විට මෙරට බහුතරයකට ඔමික්‍රෝන් ආසාදනය වීම අනිවාර්යයෙන් සිදුවන බවට අනාවැකියක් ඉදිරිපත් කරන මහාචාර්ය අර්ජුන ද සිල්වා ද පෙන්වා දෙන්නේ ඉදිරියේ දී කොවිඩ් අසාදිත මරණ ගණන ද ඉහළ යනු ඇති බව යි.
කෙසේ වෙතත් ඉදිරි තත්ත්වය සඳහා ගත යුතු හොඳම ආරක්ෂක පියවර නොපමාව එන්නත පූර්ණ මාත්‍රාවන් ලබාගැනීම බව ඔහු ද පවසනවා.
ඒ හරහා මරණ ගණන ද අඩු කරගත හැකිවනු ඇති බව යි ඔහු අවධාරණය කරන්නේ.